Featured

නාමල් කරුණාරත්නගේ මොළේ තිබෙන තැන!

සමස්ත ලංකා ගොවි සම්මේලනයේ නාමල් කරුණාරත්න මහතා අපුරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත් වී ටෙන්ඩර් දමා විකිණීමෙන් සිදුවූ පාඩුව පිළිබදවයි. එනම් රජය විසින් රු 45ක මිලකට මිලදී ගත් වී කිලොවක් රු 39 කට ටෙන්ඩර් මගින් විකිණීමෙන් රු මිලියන 1932 ක් පාඩුවී ඇති බවයි. ඒ සඳහා ඔහු ඉදිරිපත් කරන විකල්පය වනුයේ පාඩු නොලබන ලෙස සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් වලට මේවා විකිනිය හැකි බවයිග එසේ නම් ප්‍රසිද්ධ ටෙන්ඩරයකට එසේ මිලදී ගැනීමට හැකි ගැනුම් කරුවන් ඉදිරිපත් නොවුයේ කුමක් නිසාදැයි පළමුව ඔහු පැහැදිලි කළ යුතුයග පසුගිය කාලයේ රජය සතු වී තොග වලට ගුල්ලන් ගැසීමට ඉඩ දී ජාවරම්කාරී ලෙස ඒවා සත්ව අහාර සමාගම් වලට අඩු මිලට විකිණීම නිසා බඩඉරිගු ගොවියන් ද තම අස්වනු විකුණාගත නොහැකි තත්වයකට පත්විය එසේ පසුගිය වතාවලදී රජයේ වියදමින් සත්ව ආහාර සමාගම් නඩත්තු කරන ලද මුත් මෙවර ටෙන්ඩර් මගින් රජය තමන් සතු වී වලින් කොටසකට පාඩු ලබමින් හෝ අවම මිලක් ලබාගෙන තිබේග එම වී තොග මිලදීගෙන ඇත්තේ සහල් කර්මාන්ත කරුවන් වීමද හොඳ තත්වයකි.

නාමල් කරුණාරත්න මහතා හෝ ඔහුගේ ඔය කියන සහල් මෝල් හිමිකරුවන් පිරිස එයට විරුද්ධ මුත් වැඩි මිලකට වී ඉල්ලා නැත. නමුත් එසේ නාමල් රාජකරුණා මහතා කුඩා හා ම්‍ය පරිමාණ මෝල් වලට එම වී තොග ලබාදිය යුතු බවට යෝජනා කර සිටීග එසේ වීමට නම් නාඩු වී කිලෝවක් රු 45 වැඩි මිලකට විකිනිය යුතුයග එසේ විකුණා වෙළඳ පොලේ දැනට රු 70කට ඇති නාඩු සහල් කිලෝවක් රු 60 කට ලබා දීමටත් රු 50 කට සම්බා වී කිලෝවක් විකුණා රු 90කට දැනට වෙළඳ පොලේ ඇති සම්බා සහල් කිලෝවක් රු 80 කට ලබා දිය හැකි වනු ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

එසේ වී මිල වැඩිකරන අතතුර සහල් මිලද අඩුකිරීමටනම් යම් ප්‍රාතිහාර්යක් සිදු කළ යුතුය. උදාහරණයක් ලෙස ලංකාවේ වී කිලෝවක සහල් 65‍ % තිබේ යයි සැලකේ. එවිට රු 45ක් මිල වන වී කිලෝවකින් ලබාගන්නා සහල් මිල පමණක් රු 69ක වනු ඇත. රු 50ක සම්බා වී කිලෝවකින් ලබාගතහැකි සහල් වල මිල පමණක් රු 76ක් වේ. වී මෝලක් පාඩු නොලබා ක්‍රියාකාරී වීමට නම් කෙටුම් කුලී සහ ප්‍රවාහනය සඳහා තවත් රු 9ක් අවම වශයෙන් එක්විය යුතුය. නාමල් කරුණාරත්න මහතා යෝජනා කරන ප්‍රාතිහාර්ය කළ හැක්කේ වී කිලෝවක් රු 33ක් වුවහොත් පමණි. එනම් ඔහු යෝජනා කරනුයේ රු 45 කට රජය විසින් මිලදී ලබා ගත් වී කිලොවක් රු 33 කට විකුණා දී පාඩුව වැඩිකර ගත යුතු බවය. එසේත් නොමැති නම් වී කිලෝවක් රු 33 කට මිලදී ගෙන ගොවියා බංකොලොත් කළ යුතු බවය. ඒ කුමන තත්වයක් යටතේ මේ අවස්ථා දෙකේදීම සහල් මෝල් හිමියා නොමිලේ වී කොටා අතිනුත් සහල් ප්‍රමාණයක් ලබා දිය යුතු බවය. මෙය නම් අපුරු ක්‍රම වේදයකි.

ගොවියා , සහල් මෝල් හිමියා සහ වී අලෙවි මණ්ඩලය යන සියල්ලම පාඩු නොවී ඔහු කියන සහල් මිලට සහල් වෙළඳ පොළට හෝ රජයේ ආයතන වලට ලබා දීමට නම් වී කිලොවකින් සහල් ග්‍රෑම් 900ක් 90‍%ලබා ගත යුතු. එසේ වීමට නම් උපාධිධාරියකු, හිටපු මන්ත්‍රීවරයෙකු සහ දේශපාලන පක්ෂයක මධ්‍යම කාරක සභිකයකු වන නාමල් කරුණාරත්න මහතාගේ ගොවි සම්මේලනය විසින් එවන් වී වර්ගයක් නිපදවා තිබිය යුතුය. එසේම වී අලෙවි මණ්ඩලයේමිලදී ගන්නේ එම වී වර්ගය පමණක් විය යුතුය. ඊට අමතරව ඔහුගේ සහල් මෝල් හිමියන් ඉතා ධනවත් මෙන්ම මහා ජනතාවගේ හිත සුව පිණිස අතින් වියදම් කර සහල් නිපදවාදීමට තරම් ජනහිතකාමී දානපතියන් විය යුතුය. ඒ දානපතියන් කෙසේ වත් රටේ වැසී ඇති 2000 කට අධික සුළු හා මාධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පිරිස විය නොහැක. එසේම පන් පිටි වලට සහන ලබාදී සහල් පරිභෝජනය බිඳ දමා ඇති මොහොතක පසුගිය මහා කන්නයේදී රු 40 කට වී මිලදී ගෙන වී මිල රු 30කට වත් ගැලපෙන මිලකට සහල් සකසා විකුණා ගැනීමට නොහැකිව පාඩුලැබූ පිරිසද ඔවුන් අතර සිටිය නොහැක. එහෙත් සහල් කර්මාන්තය පාඩු බැවින් අතේ මුදල්ද නැති කරගෙන වී මෝල්ද වසා දමා සිටින පිරිසද විය නොහැක. මේ සියල්ලෙන්ම පෙනී යන කරුණ වනුයේ සමස්ත ලංකා ගොවි සම්මේලනයේ නායක නාමල් කරුණාරත්න මහතා 3වන පන්තියේ අංක ගණිතය හෝ ඉගෙනගෙන නැති බවය. එසේ නැතහොත් මොළයේ හෝ එය තිබෙන තැන ආශ්‍රිත ප්‍රශ්නයක් තිබෙව බවය.

මීට පෙරද නාමල් කරුණාරත්නගේ පුංචි මොළයෙන් තවත් අපූරු යෝජනාවක් ඉදිරිපත් කෙරිණි. ඒ මගින් ඔහු රජයෙන් ඉල්ලා සිටියේ වී සදහා වන සහතික මිල නීතිගත කරන ලෙසය. වී සහ සහල් වෙළදපල තුල පවතින විකෘතිය වෙනස් නොකර එසේ සහතික මිල නීතිගත කළහොත් සිදුවන්නේ ව්‍යාපාරිකයා වෙළදපලෙන් ඉවත්වීමය. එවිට ගොවියා කබලෙන් ලිපට වැටෙන බව නාමල්ගේ පුංචි මොළයට වැටහෙන්නේ නැත. රු 38ක තිරිගු කි.ග‍්‍රෑ 1ක් වරායෙන් රට තුලට ගෙන්වන තත්වයක් තුල මේ වන විට සහල් පරිභෝජනය සියයට 35කින් අඩුවී ඇත. එම තත්වය නිවැරදි කිරීම සදහා තිරිගු වලට බදු පැනවිය යුතු බව කියන්නට නාමල්ගේ පක්ෂ නායකයන්ගේ දිව නැමෙන්නේ නැත. ඒ ඔවුන් ලංකාවේ ගොවීන්ට වඩා ඇමෙරිකාවේ ගොවියන්ට ආදරය කරන නිසා විය හැක. එසේ නැතහොත් අතදිගහැර සන්තෝසම් ලබාදෙන තිරිගුපිටි සමාගම් දෙසට දිව දිගුකරගෙන සිටින නිසා විය හැක.

වී සදහා ගෙවන සහතික මිලට සාපේක්ෂව සහල්මෝල් හිමියාට සාධාරණ ලාබයක් තලාගත හැකි ආකාරයට සහල් මිල තීරණය කිරීමෙන් තොරව සහ සහල් පිටි මිලට වඩා අඩුතරමින් රු 20කින් පාන්පිටි මිල ඉහළ මට්ටමක තබාගැනීමෙන් තොරව වී සහ සහල් වෙළදපොලේ පවතින විකෘතිය නිවැරදි කළ නොහැකි බව අපි නාමල්ට නැවත නැවතත් මතක් කරමු. එසේ නොකර රජය මගින් මිලදී ගන්නා වී ප‍්‍රමාණය වැඩි කිරීමෙන් හෝ පිට රටින් තාවකාලික වී ගබඩා ආනයනය කිරීම වැනි තකතීරු වැඩ වලින් ප‍්‍රශ්නය විසදිය නොහැකි බවද මතක් කරමු. එහෙත් ඔහුගේ පුංචි මොළයට මෙම කරුණු වැටහෙනවා යයි අපි කල්පනා නොකරමු.

මේ සියල්ලෙන්ම පෙනී යන්නේ සමස්තලංකා ගොවි සම්මේලන‍යේ නායක නාමල් කරුණාරත්න මහතා , ගොවීන් සහ සහල් කර්මාන්ත කරුවන් මෙන්ම රටේ ජනතාවද පල් මෝඩයින් යැයි සිතා සිටින බවද?. ඔහුගේ පුංචි මොළයට වැටහෙන තරම එපමණ නම් අපි ඔහුට අනුකම්පා කරමු. එහෙත් ඔහුගේ ඒ පුංචි මොළය තිබෙන තැන සොයා ගැනීම නම් ඔහුගේ ගොවි සම්මේලනයේ සාමාජිකයන්ට වැදගත්වනු ඇත. විශේෂයෙන්ම එසේ වන්නේ මෑතකාලීනව පොහොර සහනාධාරය පිළිබදව ඔහු නවතම මතයක් ඉදිරිපත් කරන බැවිනි. එදා පොහොර සහනාධාරය වෙනුවෙන් මරාගෙන මැරෙන සටනක් කළ ජ.වි.පෙ නායකයෙකු ලෙස ඔහු දැන් කියන්නේ පොහොර සහනාධාරය අහෝසි කරනවානම් ගොවියාට පොහොර මිලදීගත හැකි ස්ථාන රජය විසින් විවෘත කළ යුතු බවය. එසේ කියන්නේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට නොවේනම් අනිවාර්යෙන්ම මොළේ අවුලක් තිබිය යුතුය. අපි ඔහුට අභියෝග නොකරමු. ඉන් කිසි පළක් නැතිබව අපි දනිමු. අපි අභියෝග කරන්නේ නාමල් කරුණාරත්නගේ ගොවි සම්මේලනයේ ඉන්නවා යයි කියන සාමාජිකයන්ටය.

වී ගොවි සහල් මෝල් ඒකාබද්ධ සන්ධානය

Top