Featured

නාමල් වරදක් කරලා තියෙනවනම් හිරේ නෙමෙයි එල්ලූම්ගස් යැව්වත් මට කමක් නෑ. අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූල නෑ.

නාමල් රාජපක්‍ෂ මහතා වරදක් කර ඇත්නම් හිරේ නෙවෙයි එල්ලූම්ගස් යැව්වත් තමාට කමක්නැති බවත්, එහෙත් නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූල ලෙස සිදුවී නැති බවත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම අත්අඩංගුවට ගැනීමේ කි‍්‍රයාවලිය වෛරයෙන් සිදුවන්නක් බවයි. මහින්ද රාජපක්‍ෂ මහතාට ගැහීමට බැරි නිසා ඔහු වටේ සිටින අයට පහරදී මහින්ද රාජපක්‍ෂ මහතා මානසිකව වැට්ටවීම රනිල් – මෛතී‍්‍ර ආණ්ඩුවේ අරමුණ බවද හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

මේ ආණ්ඩුව අනීතිකයි. අධර්මිෂ්ඨයි. දුෂිතයයි, පැවසූ හිටපු අගවිනිසුරුවරයා මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති හෝ අගමැති වූයේනම් රටට අද අතව තිබෙන අවාසනාවන්ත ඉරණම අත් නොවන බවද අවධාරණය කලේය.
ජන සටනට පන පොවන මහනුවර – කොළඹ පාද යාත‍්‍රාව පිලිබදව ජනතාව දැනුවත් කිරීම සදහා කොටුගොඩ ඕපාත ප‍්‍රදේශයේ ඊයේ (16) පැවති ජන හමුවකදී හිටපු අගවිනිසුරුවරයා මේ බව සදහන් කලේය. මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුජීව සම්පත් මහතා එය සංවිධානය කර තිබිණ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු අගවිනිසුරුවරයා මෙසේද කීවේය.

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීම මේ රටේ ජනතාව අතින් සිදුවූ ෙඵෙතිහාසික වරදක්. අඩුම තරමින් මහින්ද මහ මැතිවරණයේදී අගමැති වුනානම් අද මේ රටට අත්ව තිබෙන අවාසනාවන්ත ඉරණම අත්වන්නේ නෑ. මෛතී‍්‍රගේ සහ රනිල්ගේ කි‍්‍රයා කලාපයන් සදාචාර සම්පන්න නෑ. ධාර්මික නෑ. කොටින්ම මේ ආණ්ඩුව අනීතිකයි. අශිෂ්ඨයි. අධාර්මිකයි. දුෂිතයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා මේ රටේ තෙවතාවක් අගමැති වුණා. පලවෙනි වර අවුරුද්දයි, දෙවැනි වර අවුරුදු දෙකයි, මේ තුන්වෙනි වර වික‍්‍රමසිංහ මහතා අගමැති වූ හැම විටකදීම එල්.ටී.ටී.ඊ. එක ශක්තිමත් වුණා. තුන්වන වතාවේ වික‍්‍රමසිංහ මහතාගේ පාලන කාලය අවසාන වූ විට අපිට කියන්නට වෙන්නේ දෙයියෝ සාක්කි කියලයි. අපේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට දෙන්න රටක් ඉතුරුවෙන එකක් නෑ. මේ හරිම අවාසනාවක් මට විශ‍්‍රාම වැටුපක් තිබෙනවා. සල්ලි තියෙනවා. මට පැත්තකට වෙලා ඉන්න පු`ඵවන් හැබැයි අපි මේවට එන්නේ මේ රටේ අනාගතය පිලිබදව තියෙන භයානක තත්වය අපිට පේන නිසයි.

අද මේ ආණ්ඩුව නීතිය භාවිතා කරන්නේ ප‍්‍රතිවාදීන් යටපත් කරන්න. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරන්න. ඔය පිහිටවල තියෙ මූල්‍ය විමර්ශන කොට්ඨාශය පිහිටවල තියෙන්නේ පොලිස් ආඥා පනතේ 55 වන වගන්තිය යටතේයි. ඒක නීති විරෝධියි. මෙහි විමර්ශන සිදු කරන්නේ අගමැති කාර්යාලයේ තිබෙන කමිටුවකින් නිර්දේශ කරන පරිදියි. මෙහෙම දේවල් මහින්දගේ කාලේ වුණේ නෑ.
දැන් ඊයෙ පෙරේදා නාමල්ව හිරේ දැම්මා . නාමල් වරදක් කරලා තියෙනවනම් ඔහුව හිරේ නෙමෙයි එල්ලූම්ගස් යැව්වත් මට කමක් නෑ. ඒකන ීත්‍යානුකූල ලෙස සිදුවිය යුතුයි. නමුත් මෙය නීත්‍යානුකූල ලෙස සිදුව නෑ. නාමල් , යෝෂිත, එහෙම නැත්නම් බැසිල්, ගෝඨාභය, හිරේ දාලා ආණ්ඩුවට විරුද්ධව මතුවන ජනතා විරෝධය යටපත් කරන්න බෑ. මමත් අවුරුදු ගානක් මේ රටේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කෙරුවා. මේ කි‍්‍රයාදාමය සම්පූර්ණයෙන්ම අනීතිකයි. මේ තරම් කිලිටි දුෂිත, අපරාධ විමර්ශන ක‍්‍රමවේදයක් රටේ තිබුණේ නෑ. කවදහරි මේ වගේ දේවල්වලට උත්තර දෙන්න පාලකයන්ට සිදුවේවි.

අද කී දෙනෙකුව හිරේ දාලා තියෙනවද. වැදගත් රජයේ නිලධාරීන්, ඒ අතර වෙනවා. දැන් බලන්න ඔබේ ප‍්‍රදේශයේ නායකයා . ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රතුමා . එතුමා ජනතාවත් එක්ක ඉන්න දේශපාලනඥයෙක්. ඔහුවත් හිරේ දාන්න හදනවා. හේතුව ඔහු මහින්ද රාජපක්‍ෂ සමග කටයුතු කිරීමයි. මේක දැන් සිදුවන්නේ මහින්දට ගහන්න බැරි නිසා ඔහු වටේ ඉන්න අයට ගහන එකයි. මහින්දව මානසිකව වට්ටන්නයි මේ දෙවල් කරන්නේ. හැබැයි මහින්දව මේ වගේ දේවල් වලින් නතර කරන්න බෑ. අපි එතුමාට දීර්ඝායු පතනවා. මේ ජනතා සටනට නායකත්වය දීලා දුෂ්ඨ ආණ්ඩුව පලවා හැරිය හැක්කේ ඔහුට පමණයි.

රනිල් වික‍්‍රමසිංහ ඔය කියන තරම් පාරිශුද්ද නෑ. බටලන්ද කොමිෂමේ වාර්තාව ආපුහාම චන්ද්‍රිකා මට කිව්වා රනිල්ට විරුද්ධව නඩු පවරන්න කියලා . එතකොට මම නීතිපති. හැබැයි මම කිව්වා මම නීතිය කි‍්‍රයාත්මක කරන්න මිසක් දේශපාලන වුවමනාවල් ඉෂ්ඨ කරන්න නෙමෙයි ඉන්නේ කියලා. බටලන්ද කොමිෂමේ වාර්තාව අපි ඉතා ඉක්මනින් එලියට දාන්න ඔනේ. මොකද ඒ චෝදනාවලින් රනිල්ට ගැලවෙන්න බෑ.

දැන් මේ රටේ පොලීසිය කටයුතු කරන්නේ ආණ්ඩුවේ අතකොලූවක් විදියටයි. මේක තනිකරම හිට්ලර්වාදී වැඩපිලිවෙලක් අපි මේකට නිහඩව හිටියොත් ඒක අති භයානක තත්වයක් වේවි. ඒ නිසා මේ නීති විරෝධී සදාචාර විරෝදී ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂනය කිරීම අපේ වගකීමක්. මේක සුජාත ආණ්ඩුවක් නෙමෙයි. මේ ආණ්ඩුව ගෙදර යවන්න අපි ඉක්මනින් කටයුතු කල යුතුයි.

අනුරාධපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීර කුමාර දිසානායක මහතා

මේ ආණ්ඩුව කරන්නේ පොඩි පොඩි හොරකම් නෙමේ. මහා පරිමාන හොරකම්. දුෂණය, වංචාව නතර කරනවා කිව්වට දැන් ආණ්ඩුව දුෂණය, වංචාව නීතිගත කරලා. නාමල්ව හිරේ දැම්මේ සිද්ධියේ පාර්ශවකරුවෙකුගේ පැමිණිල්ලකට නෙමෙයි. පැමිණිලි කරපු තමුන්ගේ හුරතලූන් පිනවීම සදහායි. මේ ආණ්ඩුව තරම් ජනතාව පීඩාවට පත්කරන වෙනත් ආණ්ඩුවක් ඉතිහාසයේ බිහිවී නෑ. මේ ආණ්ඩුව ගෙදර යැවීම අපි හැමෝගෙම වගකීමක්. එක හිර ගෙදරක නෙමෙයි හිර ගෙවල් දහයක දැම්මත් අපි ඒ වගකීම පැහැර හරින්නේ නෑ.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල, මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුජීව සම්පත් යන මහත්වරුද කතා කලහ.
ප‍්‍රදීප් අනුර කුමාර

Top