Featured

නාවික හමුදා මැරපතිගේ හම්බන්තොට ප්‍රහාරයෙන් ආණ්ඩුවට ගිනියම් වේ…සිරිසේනට රනිල් කණ පැලෙන්න බැනලා….Exclusive Video

හම්බන්තොට වරායේ උද්ඝෝෂණයේ යෙදිසිටි සේවකයන්ට පහරදිම සහ නාවික හමුදාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ප්‍රසිද්ධියේම මාධ්‍යවේදීයෙකුට පහරදිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර ගැටුමක් හටගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ අදාළ විසුරුවා හැරිම සදහා නාවික හමුදාවට ආරක්ෂක අමාත්‍යාංශයේන් උපදේස් ලබා දි නොමැති අවස්ථාවක නාවික හමුදාපතිවරයා සෙබලුන් 500 ක පමණ විශාල කණ්ඩායමක් රැගෙන හම්බන්තොට වරායට ඇතුල් වි සේවකයන්ට පහරදිම සහ මාධ්‍ය වෙදියෙකුට පහරදිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් කල විමසිමකට අගමැතිවරයා කුපිත වි ජනාධිපතිවරයාට බැණ වැදිමයි.

අගමැතිවරයාගේ නියෝග මත නාවික හමුදාපතිවරයා මෙම හදිසි ආක්‍රමණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කල විමසිම හේතුවෙන් මේ අකාරයට දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.

පසුව ජනාධිපතිවරයා අදාල පහරදිම සහ නාවික හමුදා හදිසි ආක්‍රමණය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් කරුණිඋ විමසා ඇති අතර අදාළ මෙහෙයුම සම්බන්ධයෙන් ඔහු කිසිවක් නොදන්නා බව දන්වා තිබේ.මිට අමතරව අප කල විමසිමකදි වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සදහන් කර ඇත්තේ හදිසි නාවික හමුදා ආක්‍රමණය සම්බන්ධයෙන් තමන්ද කිසිවක් නොදන්නා බවයි.

පසුවඅද සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලේ බත් බැලයන් පිරිසක් වහාම ජනාධිපතිවරයා විසින් සිය නිවසට හදිසි සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡා වලට අනුව තවදුරටත් ජාතික ආණ්ඩුව තුල සිටිනවාද? නැද්ද යන්න ඉතාමත් ඉක්මනිම තින්දු කල යුතු බවට සාකච්ඡාවට ගෙන තිබේන බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

වරාය අධිකාරියට තමන්ව බදවා ගන්නා ලෙසත් චීන සමාගමට හම්බන්තොට වරාය ලබා නොදෙන ලෙසත් ඉල්ලා හම්බන්තොට වරායේ සේවකයන් විසින් දියත් කර තිබෙන විරෝධතාවය හා වැඩවර්ජනය දින 4 ක් පුරාවට දියත් කර තිබූ වැඩවර්ජනයේ ප්‍රතිඵලයක් ලෙස වරායේ නැංගූරම්ලා තිබූ චීනයේ සිට හා සිංගප්පුරුවේ සිට පැමිණි නෞකා පිටත්ව යාමට නොහැකි තත්වයක් උද්ගත වී තිබුනි. එයට හේතු වී තිබුනේ වරාය විසින් අදාල නැව් සඳහා ලබා දිය යුතු සේවාවන් ලබා දීම වැඩ වර්ජනය නිසා ඇණහිට තිබු අතර අහ හදිසියේම ඩෝරා යාත්‍රා වලින් පැමිණි ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඇතුලු 500ක පමණ කණ්ඩායමක් සේවකයන්ට වෙඩි තබමින් ඔහුන් පන්නා දැමු අතර නාවික හමුදාපතිවරයා ප්‍රසිද්ධියේම මාධ්‍යවේදීන්ට කුණුහරුපයෙන් බැන වදිමින් හම්බන්තොට මාධ්‍යවේදීයෙකුට දරුණු ලෙස පහරදෙනු ලැබුවා.

අද (10)පෙරවරු 10 ට පමණ හම්බන්තොට වරායේ හිරවි ඇති වාහන රැගත් නැව මුදා ගැනීමට නාවික හමුදාව 500 ක පමණ විශාල කණ්ඩායමක් වරායේ නැගෙනහිර කොටසේ ‍තෙල් පර්යන්තය දෙසට ලඟා විය.ඒ වනවිට වරායේ සේවකයින් වරායේ ජැටියේ, සහ වරාය ප්‍රධාන දොරටුව අසල විරෝධතාවයේ නියැලී සිටියහ. මෙහිදී ඉතා උණුසුම් තත්වයක් හට ගැණුනි. එහිදී නාවික හමුදා නිලධාරීන් තුවක්කුවලින් හා පොලුවලින් සේවකයන් හට පහර එල්ල කර තිබේ. එසේම එම සිදුවීම් වාර්තා කළ මාධ්‍ය වේදීන්ටද ප්‍රහාර එල්ල කර තිබේ.නාවික හමුදා නිළධාරින් ඩෝරා යාත්‍රා මගින් වරාය ජැටිය වෙ ලඟා වූයේ වරායේ ජැටියේ රැඳී සිටි සේවකයින්ට වෙඩි පහර එල්ල කරමින් බව වරාය සේවක සංගමයේ ප්‍රචාරක නිළධාරි අයි.එච් උමේෂ් මහතා සඳහන් කලේය.

වරාය ජැටියේ සිටින සේවකයින්ට නාවික හමුදා නිළධාරින් පැමිණ ගිණි අවිවලින් හා පොලුවලින් පහර පිට පහර දෙන්නට වූ අතර ඇතැම් අය බිම පෙරලා දාගෙන බඩ පවා පාගෙන සිටි බවද පහර කැමට ලක් වූවෝ කියති. පහර කෑමට ලක් වූ පස් දෙනෙකු හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

හම්බන්තොට වරාය ආශ්‍රිත කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අනුමැතියකින් තොරව ජාතික ලැයිස්තුවෙන් පත්කළ අග්‍රමාත්‍යවරයාගේ ඉතා සමීපතම අමාත්‍යවරයෙකු සහ එක්සත් රූපවාහිනී නාලිකාවකට සම්බන්ධ කම් ඇති පැවති රාජපක්ෂ රජයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙකු සහ වත්මන් රජයේ ශ්‍රීලනිප අමාත්‍යවරයෙකු විසින් දිගින් දිගටම සිදුකරන අනිසි බලපෑම සහ වැඩ කටයුතු හේතුවෙන් වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානමින් සිටින බවද පසුගිය දින කිහිපය තුලම වාර්තා වුනා.

නාවික හමුදා මැරපති……මාධ්‍යවේදීන්ට පහරදුන් අයුරු….

Top