LNN SPY

නිමල් සිරිපාල අගමැති කරනු! … තැන තැන අගමැති තෙරිමේ කුමන්ත්‍රණ.. 26 වැනිදා නව අගමැති පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි…

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා එම සන්ධානයේ නායකයින් වෙත තම අවසරය ලබාදී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට අවසර ඉල්ලා සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් බාරදී ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස මෙම අනුමැතිය හිමිවී තිබේ.

මේ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු දෙනා සාකච්ඡා කර එකඟතාවයක් ඇතිකර ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර ඉන්පසු ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව ජනාධිපතිවරයා පවසා ඇත. මේ අතර ඒකාබද්ධ විපක්ෂයද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ පාර්ශ්වය වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒ සඳහා සිය සහය ලබාදෙන බව දැනුම් දී ඇත. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ද පෙරේදා (13) පැවැසුවේ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සෑදීමට තම පක්ෂය තීන්දු කර ඇති බවයි. පළාත් පාලන මැතිවරණයෙන් පසු මතුව ඇති මෙම දේශපාලන අර්බුදය පිළිබඳ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් නියෝජිතයින් අතර ඊයේ (14) දිනයේද සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණි.

නමුත් මෙම කිසිදු සාකච්ඡාවකදී පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ස්ථිර තීන්දුවක් ප්‍රකාශයට පත් නොවුණු අතර බොහෝ විට එම තීන්දුව හෙට (16) දිනයේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ඇති බවද වාර්තා වේ.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කොටස් වශයෙන් තැනින් තැන රැස්වෙමින් නව ශ්‍රිලනිප අගමැතිවරයෙකු පත්කර ගැනිම සදහා නම් යෝජනා කරමින් සිටින අතර එම එක් කණ්ඩායමක් යෝජනා කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා අගමැතිවරයා ලෙස නම් කරන ලෙසයි.

ඒ අනුව ලබන 26 වැනිදා පාර්ලිමේන්තුව රැස්කර නව අගමැතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා නම් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක්ද කර තිබේ.

මේ අතර මහින්දගෙ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමද නිමල් සිරිපාල සම්බන්ධයෙන් අකමැත්ත පල නොකර ඇති නමුත් එම යොජනාව අවසන් යොජනාව ලෙස පිළිගැනීමට ලක්කර නෑ…

Top