දුමින්ද සිල්වාට ඇපෑලක් ඉදිරිපත් කිරිමට අවස්ථාව උදාවු බෙදුම් තින්දුව ලබාදුන් ශිරාන් ගුණරත්න මහතාට එරෙහිව සදරුවන්,තුසිත හලොලුව,ශිරාල් ලක්තිලක වෙබ් අඩවි කිහිපයක් මෙන්ම ඔහුන් සමග සමිප සබඳතාවයන් පවත්වන 2විවිධ මාෆියා වැඩ හරහා මුදල් හම්බකර ගන්නා ඇතැම් මුද්‍රිත මාධ්‍ය හරහා සිදුකරන චරිත ඝාතනයන් ගැන නීතිඥවරුන්ටම පාරට බසින්නට සිදුව තිබේ.ආණ්ඩුවේ පක්කලි වැඩ කරන වෙබ් කඩමලු සහ ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා පවත්වාගේන යන බොතල් පත්තර හරහා නීතිඥවරුන්ගේ චරිතය ඝාතනය කරන්නේ ඔහුන් ලවා තමන් කප්පම් ගන්නා කුළී මාධ්‍ය කාරයන්ගේ සල්ලි ගැරිමට බව නොරහසකි.
ආණ්ඩුවේ වැරදි රට හමුවේ අනාවරණය කල අප වෙබ් අඩවිය රටතුල අවහිර කලද චරිත ඝාතනයේ යෙදෙන වෙබ් කාරයන්ට රනිල්-සිරිසේන දෙකට නැමී අල්ලන්නේ ඔහුන්ද මෙම චරිත ඝාතනයන් පසුපස සිටින නිසා නොවේද?
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්නගේ රාජකාරි දුරකථනවලින් හා පෞද්ගලික දුරකථනවලින් ලබා ගන්නා ඇමතුම් මෙන්ම ඒවාට ලැබෙන ඇමතුම්වලට රහසේ සවන්දී ඇති බවට විශ්වාස කටයුතු මාර්ගයෙන් තොරතුරු ලැබී ඇති බව ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය පවසනවා.
මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත ඔහු ලිපියක් ද යොමු කිරීමට තීරණය කර තිබෙනවා.
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තීන්දුව ලබාදීමට පෙර විකල්ප පුවත්පතක් ශිරාන් ගුණරත්න විනිසුරු බලපෑමට හසුව මෙවැනි තීන්දුවක් දීමට උත්සහ කරන බව වාර්තා කර තිබූ බවයි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය පෙන්වා දෙන්නේ.