Anonymous Reporter

පක්ෂ නායකත්වයට ඉව අල්ලන රුවන්ගේ පත්තරකඩමල්ලේ ටොම් පච

“බටහිර ආසියාතික රටකදී අද (11) සුවිශේෂී නඩු විභාගයක් පැවැත්වීමට නියමිතව තිබිණ.මෙම නඩු විභාගයෙන් හෙළිවන්නට නියමිත තොරතුරු ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයක් ඇතිකරනු බව නම් නිසැකය.නඩු විභාගය පැවැත්වෙන්නේ එරට බැංකුවක තැන්පත් කර ඇති ඩොලර් කෝටි 50 කට (රුපියල් කෝටි 7000 කට) ආසන්න මුදල් ප්‍රමාණයක් හා ඈදී ඇති සිද්ධීන් සම්බන්ධයෙන්ය.මෙම ගිණුමේ හිමිකරු ලෙස සදහන්වන්නේ මෙරට හිටපු අති සුවිශේෂී පුද්ගලයෙකුගේ තරුණ පුත්‍රයාය.මොහු අද දිනයේ දේශපාලඥයෙක් ලෙස කටයුතුද කරන්නෙකි.දැනට අනාවරණයව තිබෙන ආකාරයට මෙම ගිණුමේ ඩොලර් කෝටි 100 ක් පමණ (රුපියල් කෝටි 14000 ක්) තිබී ඇති අතර ඉන් හරි අඩක් පමණ නැගෙනහිරදිග යුරෝපා රටකට යැවීමට මෙම අති සුවිශේෂී පුද්ගලයා කටයුතු කර තිබේ.මේ සඳහා ඔහුට උපකාරීවී ඇති බවට වාර්තා වන්නේ ඔහුගේ ළඟම ඥාතියෙකි.”

ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? කෝටි 14000 ක් රට බැංකුවක දාලා? යනුවෙන් ඔක්තෝබර් මස 11 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට මානබලමින් සිටින පඩත්තල පත්තර කඩමල්ල පවත්වාගෙන යන රුවන් විජයවර්ධනගේ පුවත් පත වන ලංකාදීප පවත්පතේ පලකර තිබු පුවත The SUNDAY TIMES පුවතින් උපුටා ගෙන තිබු අතර

Crucial court verdict today on West Asian secret account of VVIP’s son
A landmark event in a West Asian capital will play out today and it will send shockwaves around Sri Lanka. This is when a court there hears a case where lawyers for Sri Lanka Government are seeking an order to freeze nearly a half a billion dollars in a bank account. It has been established that this account is in the name of a young politician, the son of a former VVIP. It has also been established that there was well over a billion US dollars when information was first received about this account. The politician in question had transferred a big part of the funds to a bank in an eastern European country. Reports that a close relative helped in the transfer of funds there are now being probed.

පත්තර කඩමලු දෙකම එකම අයිතිකාරයාගේ බව අමතුවෙන් කියාදිය යුතු නැත.ඒ වගේම එම පුවත් දෙකම අතේ පැලවෙන බොරුවක් බව අනාවරණය වි තිබේ. 

ඔය කියන ආකාරයේ කිසිදු නඩුවක් කිසිදු රටක විභාගයට ගෙන නැතැයි පරීක්ෂණ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායමේ ප්‍රධානියෙකු විසින්ම අනාවරණය කර තිබේ.කෙලින්ම් නම කියාගන්නටවත් තරම් හයියක් නැති මේ පත්තර කාරයාගේ මේ කුරුමාණම කුමක්ද යන්න දැන් අප අමුතුවෙන් ඉගෙන ගතයුත්තක් නොවේ.මේ හදන්නේ තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් අනීසි භියක් ඇති කර රාජපක්ෂලාගෙන් පලි ගැනිමට මාන් බලමින් සිටින බෙදුම්වාදීන්ට අලුත් මාර්ගයක් සාදා දිමට බව අමතුවෙන් කිවයුත්තක් නොවේ.

රනිල්ට එරෙහිව රුවන් – රනිල්-මෛත්‍රී ප්‍රසිද්ධියේ හැප්පෙයි,රුවන්ට වැඩබලන ආරක්ෂක ඇමතිකම දිම ගැන රනිල්ට මලපනී

මංගල සමරවීර වැනි පඩත්තල දේශපාලකයන් යහපාලන වෙනුවෙන් කී බොරුවල කොටසක් ලෙස රාජපක්ෂලාගේ සැගවු අමරිකානු ඩොලර් බිලියන 18 අතේ පත්තුවන් කතාවේ තවත් එක් කතාවක් අනුව රාජපක්ෂලා සැගවු සල්ලි සොයන්න නීතිඥ කණ්ඩායමක් රටින් යන බවට පලමු බින්නය ඇද බෑ බව රටම දන්නා කරුණකි. ඉන් පසුව පිංගුතර රනිල් සමග මංගල කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුවේ කණ්ඩායමක්ද, ඇමරිකානු පරීක්ෂණ කන්ඩායමක්ද ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කණ්ඩායමක් ද විශේෂ පරීක්ෂන මෙහෙයවමින් සිටින බවයි.නමුත් අන්තිමට ලෝක බැංකුව එම කතාව තරයේ ප්‍රතිකේෂ්ප කර අවසන්.

කෙසේනමුත් මංගලටනම් දිට්ට ධම්ම කර්මය මේ වනවිට පඩිසන් දෙමින් තිබේ.

එම් එස් ප්‍රනාන්දුගේ බයිලා වගේ….කයිවාරු අවශ්‍ය නැහැ ..කරුණු කාරනා ඔප්පු කරලා වරදකරුවන්නම් දඩුවම් දීල මුදල් ලබාගන්න කටයුතු කරන්න.මොකද රටවත් බැංකුවවත් හෙළි කරන්න බැරි පුද්ගලයා හෙළි කරන්න බැරි වුනත්.කොටි 14000ක් හම්බ කරන්න ඒක 5%කොමිස් එක හැටියට ගත්තත් ලංකාවේ කොටි 280000 ක ව්‍යාපෘති බාරව හිටපු කෙනෙක් වෙන්න එපයි..තව කට්ටියටත් මේ කොමිස් එක බෙදිලා ගියානම් මේ ව්‍යාපෘති වල වටිනාකම් මෙයිට වඩා ගොඩක් වැඩි වෙන්න එපයි..කොහෙන්ද අප්පා මේ සල්ලි.යහපාලනෙන් ගෙනල්ල දිපුවද? .ගිය ආණ්ඩුවේ ඉදල අපිට යහපාලනෙන් පෙන්නන ටෙලියේ තව පිටපතක් කට්ටිය දිග අරිනවා..අනුර මහත්තය වගේ අය අපි ඕන තරම් දැකල තියෙනවා..රන්ජන් ගොයියා කොටදෙනියාවේ කොණ්ඩය ගැන කිව්වා වගේ තමයි..හරියට ඇහෙන් දැක්ක වගේ..අපි නොදන්නා ලයිව්..

මහින්ද රාජපක්ෂ පැරදුන දවසෙ ඉඳල අද වෙන කං, අලුත් ආණ්ඩුවෙනුයි පත්තර වලිනුයි ඇඟ හිරි වැටෙන දූෂණ ගැන නොකඩවා කතා කළා නේද? ආංඩුවෙ සල්ලි වලින් කැලැන්ඩර ගැහුවය සතොසෙ සල්ලි වාගයක් දීල නැත කියන කතා ඇර අද වෙනකං මොනමහා පරිමාණ දූෂණ කීයක් ඔප්පු කරනව තියල චෝදනා ඉදිරිපත් කරලවත් තියනවද? එෆ් බී අයි එක ජෝන් කෙරී ඔක්කොම පස්සෙන් එලවනලු. කට කතා ඇර මොනවද අද වෙනකං හොයා ගෙන තියෙන්නෙ? මට නං මේව කියවෙන කොට හරියට ඈනුං යනව.

Top