Featured

පරපෝෂිත දේශපාලන නායකත්වයට එරෙහිව 11වැනිදා ජනතාව වෙනුවෙන් එකට සිටගනු

ජනතාව රවටා ඔවුන්ගේ ඡන්ද ලබාගැනීමට දෙන සහන වලට යන වියදම ජනතාවගෙන්ම අයකරගෙන වැජඹීමට උත්සාහ දරණ පරපෝෂිත දේශපාලන නායකත්වයක් අද කරලියට පැමිණ තිබේ. මේ වැට් බද්ද වැඩි කිරීමට පනත් කෙටුම්පත අගෝස්තු 11 වෙනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුන විට එයට විරෝධය ප්‍රකාශ කරන මෙන් මම සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරනය කර සිටි.

අගෝස්තු 11 පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන වැට් පනත් කෙටුම්පතට

සියළුම මන්ත්‍රීවරුන් එරෙහි විය යුතුය.

වැට් බද්ද වැඩි කීරිම සඳහා පනත් කෙටුම්පත අගෝස්තු 11 වෙනිදා පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමට නියමිතය. මෙම පනත් කෙටුම්පත තුළින්, පසුගිය මස 11 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවන ලද වැට් සංශෝධන වල සියළුම අගතිගාමී විධිවිධාන නැවත පණ ගන්වා නීතිගත කිරීමට ආණ්ඩුව සැරසේ. එමඟින් වැට් බද්ද 11 % සිට 15 % දක්වා වැඩි කිරිමටත්, සිල්ලර හා තොග වෙලදාම පමණක් නොව පුද්ගලික සෞඛ්‍ය සේවාද එම බද්දට යටත් කිරීමටත්, දිනකට රු. 33,000 කට වඩා පිරිවැටුමක් ඇති සියළුම ආයතන වැට් බද්දට යටත් කිරීමටත් විධිවිධාන සැලසේ. පුද්ගලික සෞඛ්‍ය සේවා ලබා ගන්නේ ධනවතුන් පමණක් නොවන බව අපි හොදාකාරවම දනිමු. සෞඛ්‍ය සේවය මත බද්දක් පැණවීම යනු රෝගී තත්වයටත් බදු ගැසීමකි. රෝගය දරුණු වන තරමට එම රෝගියාගෙන් ආණ්ඩුවට ලැබෙන ආදායමද වැඩි වේ. මෙය මොනතරම් ජුගුප්සාජනක තත්වයක්දැයි ආණ්ඩුව සිතා බැලිය යුතුය.

මේ රටේ නගරවල කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්, සිල්ලර හා තොග වෙළඳාම මත 15% ක වැට් බද්දක් පැණවීමට එරෙහිව පසුගිය දිනවල හර්තාල් පැවැත්වූ ආකාරය අපි දුටවෙමු. මේ බද්ද පාරිභෝගිකයා මත පැටවීමෙන් වෙළඳාම අඩු වී එයින් හට ගන්නා ක්‍රියාදාමය නිසා සිල්ලර වෙළදුන්ගේ සිට ඔවුන්ට භාණ්ඩ සපයන කුඩා හා මධ්‍ය පරිමානයේ කර්මාන්ත කරුවන්ටද තම ආයතන පවත්වාගෙන යාමට නොහැකි වීමේ අවදානමක් ඇත. කලින් සිල්ලර හා තොග වෙළඳාම මත වැට් බද්ද බලපවත්වනු ලැබුවේ දිනකට රු.ලක්‍ෂ 10 කට වඩා පිරිවැටුමක් ඇති විශාල ආයතන වලට පමණි. නමුත් මේ කඩඉම දිනකට රු.33,000 දක්වා පහත හෙලනු ලැබූ විට, සෑම නගරයකම කුඩා වෙළඳ ආයතන පවා වැට් බද්දට හසු වී පාරිභොගිකයාට ගෙවීමට සිදු වන මිලද ඒ ප්‍රමාණයෙන්ම වැඩි වේ.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ඇති වූ ආර්ථික බිඳවැටීම හමුවේ දැනටමත් වෙළඳාමේ සංකෝචනයක් ඇති වී තිබේ. මෙය කුඩා හා මධ්‍ය පරිමාණ වෙළඳුන්ට පමණක් නොව කොටස් වෙළඳපොලේ ලියාපදිංචි මහා පරිමාණ ආයතන වලටත් බලපා ඇති බව මාධ්‍යයේ වාර්ථා වී ඇත. මෙවැනි තත්වයක් යටතේ තොග හා සිල්ලර වෙළඳාම මත 15% වැට් බද්දක් පැණවූ විට සුළු හා මධ්‍යම පරිමාන ආයතන විශාල ගණනකට දරා ගැනීමට නොහැකි තරම් වෙළඳාමේ අඩු වීමක් සිදු වීමට ඉඩ තිබෙන බවට බියක් රට පුරාම පැතිරී ඇත. වැට් බද්දට රට තුළ විශාල විරෝධයක් පැණ නැගී ඇති නිසා, වැට් ප්‍රතිශතිය අඩු කර ජාතිය ගොඩනැගීමේ බද්දේ ප්‍රතිශතය වැඩි කිරීමට ආණ්ඩුව සැලසුම් කරන බවට අපිට ආරංචි වී ඇත. මේ බදු වර්ග දෙකම පිරිවැටුම මත පනවන බදු නිසාත්, ඒවා එකම භාණ්ඩ හා සේවාවන් සඳහා අය කෙරෙන නිසාත් දෙකටම ලියාපදිංචි විය යුත්තේ දිනකට රුපියල් 33,000 කට වැඩිය පිරිවැටුමක් තියෙන ආයතන නිසාත්, වැට් ප්‍රතිශතය අඩුකර ජාතිය ගොඩනැගීමේ බදු ප්‍රතිශතය වැඩි කිරීමෙන් මහජනතාවට කිසිදු වෙනසක් වෙන්නේ නැත.

මෙවැනි ඇස් බැඳුම් වැඩවලටත් අපි විරුද්ධ විය යුතුය. බොහෝවිට කෙට්කාලීන ණය මත දුවන කුඩා අවන්හල්, බාබර් සාප්පු, සිල්ලර කඩ, කුඩා ලී බඩු සාප්පු, වාහන ස්ර්විස් ආයතන හා ගෘහ කර්මාන්ත වලට පවා වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීම ඒවාට දරා ගත නොහැකි බරකි. දඹුල්ල, ඇඹිලිපිටිය, පමුණුව, පිටකොටුව වැනි ආර්ථික මර්මස්ථාන වල කටයුතු වලට මෙයින් විශාල බලපෑමක් ඇති වනු ඇත. කුඩා හා මධ්‍යම පරිමාන අංශය යනු මේ රටේ ආර්ථිකය තුළ වැඩියෙන්ම රැකියා උත්පාදනය කරන අංශය බව ආණ්ඩුව මතක තබාගත යුතුය. අද මේ ආකාරයට වැට් බද්ද වැඩිකරමින් ආණ්ඩුව කරන්නේ ඔවුන් 2015 පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම සඳහා සියළුම ආර්ථික විද්‍යා මූලධර්මයන් උල්ලංගනය කරමින් ලබා දුන් වැටුප් වැඩි කිරීම් හා වෙනත් සහන වලට මුදල් උපයා ගැනීමයි.

ජනතාව රවටා ඔවුන්ගේ ඡන්ද ලබාගැනීමට දෙන සහන වලට යන වියදම ජනතාවගෙන්ම අයකරගෙන වැජඹීමට උත්සාහ දරණ පරපෝෂිත දේශපාලන නායකත්වයක් අද කරලියට පැමිණ තිබේ. මේ වැට් බද්ද වැඩි කිරීමට පනත් කෙටුම්පත අගෝස්තු 11 වෙනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුන විට එයට විරෝධය ප්‍රකාශ කරන මෙන් මම සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමි. ජනතාව මත අසාධාරණ බදු පැනවීමට තමා ඉඩ නොතබන බවට ප්‍රසිද්ධියේම ප්‍රතිඥා දී තිබෙන නිසා ජනාධිපතිවරයාද මෙයට මැදිහත් වනු ඇතැයි මම සිතමි.  කුඩා හා මධ්‍යම පරිමාණ සිල්ලර හා තොග වෙළඳාම හා රෝගීන් මත පැණවීමට යන වැට් බදු මොනම තත්වයක් යටතේවත් සම්මත නොවන බවට වගබලා ගැනීම ඔවුන්ගේ යුතුකම වේ.

මහින්ද රාජපක්‍ෂ (පා.ම)

හිටපු ජනාධිපති

All parliamentarians should oppose the VAT Bill on 11 August

 

The Bill to increase and broaden the application of the Value Added Tax will be taken up in parliament on 11 August. This draft legislation seeks to revive and give legal effect to all the objectionable features of the VAT reforms that were suspended by the Supreme Court last month. The new VAT Bill seeks to increase the VAT rate from 11% to 15%, to bring the small and medium retail and wholesale trade and the private health care services within the ambit of VAT and to mandatorily require all establishments with a turnover exceeding Rs. 33,000 a day to register for VAT. A tax on health care is in effect a tax on ill health. The more serious the illness, the more revenue the government will make from that patient. Everyone knows that those who make use of private health services are not only the rich.

Traders and small businessmen countrywide, opposed the 15% VAT imposed on the wholesale and retail trade because it will cause an increase in the prices of goods when it is passed onto the consumer and lead to reduced sales. Previously the VAT on the retail and wholesale trade was limited to large establishments with a turnover of more than Rs. one million a day. But when the threshold is brought down to Rs. 33,000 a day, that brings even small establishments within the ambit of VAT. When retail sales drop as a result of increased prices, that leads to a chain reaction whereby the manufacturers who supply the goods don’t get enough orders to be able to break even.

The small and medium sector has already suffered a reduction in turnover due to the general economic slowdown after the yahapalana government came into power. It was reported in the press that even the profitability of many large listed companies had declined in 2015. The fear is that the reduction in sales which will result from the VAT increase will destroy the small and medium sector. We have heard that due to the widespread opposition to VAT, the government is contemplating reducing the VAT rate and increasing the Nation Building Tax (NBT) rate. The public should be aware that VAT and NBT are both taxes imposed on turnover and the threshold for registering for both taxes is Rs. 33,000 and they are applicable to virtually the same goods and services so no difference will be made as far as the public is concerned by reducing the VAT rate and increasing the NBT rate.

Such attempts at deception must be resisted. The imposition of VAT/NBT on small business like eateries, barber shops, retail shops, repair shops, service stations, furniture shops etc as well as cottage industries will be a severe burden on that sector as they operate mostly on credit. Operations of small and medium business places in economic hubs like Dambulla, Embilipitiya, Pamunuwa, Pettah – just to mention a few – will be endangered. The government should be mindful of the fact that the small and medium sector is the largest employer in the country – not the government or the formal private sector.

What makes this increase in VAT most objectionable is that it is being imposed on the public to finance the salary increase and various other concessions that the yahapalana government gave against all economic reasoning in order to win the August 2015 parliamentary election. No previous government has taken such liberties with public finances for political purposes. I call upon all members of parliament to oppose the Value Added Tax (Amendment) Bill when it comes before parliament on 11 August. I believe the president will also make an intervention in this matter as he has stated publicly that he will not allow unreasonable taxes to be imposed on the people. The VAT on ill-health and the VAT on the small and medium retail and wholesale trade should not under any circumstances be allowed to be passed into law.

Mahinda Rajapaksa

Former President of Sri Lanka

 

Top