Featured

“ප්‍රගීත්” ඝාතකයා “පාඨ්ළී” බව දුමින්දගේ පත්තරේත් සටහනක්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා චම්පික සහ නිර්මලා සම්බන්ධයෙන් ඔහු ලියූ ලිපිය හේතුකොට ගෙන “ප්‍රා”නායකයෙකු වන පාඨ්ළී චම්පික රණවක විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කල බවට අප දිගින් දිගටම නොබියව අනාවරණය කළේ ඒ සම්බන්ධයෙන් අප සතුව ඇති ප්‍රබල සාක්ෂි නිසාවේනි.

නමුත් යහපාලනයට සහ බෙදුම්වාදීන්ට මුවා වු “ප්‍රා”නායක පාඨ්ළී, ප්‍රගීත් ඝාතනයෙන් සැගවිමට මෛත්‍රීපාල සිරිසේන නැමති බෙදුම්වාදී මස්තබාල්දු නායකයා සමග එකතු වු අතර පසුව ප්‍රගීත් ඝාතනය රටේ ආරක්ෂක අංශ වෙත පැවැරිමට කටයුතු කල පාඨළී අද වන විට රණවිරුවන් සිරගත කිරිම දක්වා රැගෙන ගොස් තිබේ.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම පිටුපස ආණ්ඩුවේ ප්‍රභලයෙකු සිටින ව පසුගියදා පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිලද අනාවරණය කල අතර ඔහු පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව ලැජ්ජා සහගත ලෙස බුද්ධි අංශ හා හමුදාව පාවාදෙන බවයි.

මේ අතර පසුගිය මහා මැතිවරණ සමයේ හිටපු ජනාධිපති හින්ද රාජපක්ෂ මහතා ද ‘බීබීසී සංදේශය ‘සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ

“දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයම ලසන්ත මැරුවේ අහවලාය කියල චෝදනාවක් ඉදිරිපත් කළා. ඉතින් දැන් පරීක්ෂණ කරන්න පුළුවන් නේ? ඇයි කරන්නැත්තේ? ඒකට සැක කරපු අය ඒ කට්ටිය මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉන්න හින්දද?,” ඔහු ප්‍රශ්න කරයි.

“මට සත්‍ය සැකයක් එනවා එහෙමද කියල.” ඔහු පැවසිය.

2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන්ද ඒ හා සමානම සැකයක් මතුවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

“දැන් ඇයි පරීක්ෂණ නොකරන්නේ? ඒවා යට ගහන්නේ ඇයි? එහෙම නම් අපිට සැකයක් ඇතිවෙනවා ඒ කට්ටිය ඉන්නේ මේ ආණ්ඩුව තුල කියල.”

අද වන විට ජාතික හෙළ උරුමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හටගෙන තිබේන උග්‍ර අර්බුදය හේතුවෙන් පසුගියදා ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් මෛත්‍රීගේ පිහිටෙන් බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වු නිශාන්ත වර්ණසිංහ මහතාගේ අමාත්‍යංශ අයවැය බස්නාහිර පළාත් සභාවේ මහා ඇමතිවරයා ලවා පරාජය කිරිම හරහා කරලියට පැමිණී අතර අද ශ්‍රිලනිපයේ පැරෂුට් මහා ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකට අයත් “සත්හඩ” හරහා හෙළ උරුමයේ න්‍යායධරයා ලෙස පෙනී සිටින “ප්‍රා”නායක පාඨ්ළී චම්පික රණවක ප්‍රගීත් ඝාතකයා ලෙස නම් කිරිමට අවශ්‍ය පදනම සාදා තිබේ.

අනාවරණය –එක්නැලිගොඩට මරු කැඳවූ චම්පික ගැන ලියූ ලිපිය…

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය හා පාඨ්ළී චම්පික රණවක අතර සම්බන්ධය …………. www.lankanewsweb.today කල අනාවරණයන් සියල්ලම කියවන්න  –Link   

Top