Anonymous Reporter

ප්‍රගීත් ඝාතනය කළේ පාඨලී චම්පික-මාලිගාවත්තේ කුඩුසුද්දා පාපෝච්චාරණය කරයි

Published on: Aug 16, 2015- මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා මාලිගාවත්තේ පාතාල කල්ලියක දින 3 ක් රඳවාගෙන චම්පික සහ නිර්මලා සම්බන්ධයෙන් ඔහු ලියූ ලිපිය ගැන ප්‍රශ්න කෙළේ යයි ඊයේ මාලිගාවත්තේ දී අත් අඩංගුවට ගත් කුඩුසුද්දා නමැති පාතාල සාමාජිකයා රහස් පොලිසියට පාපෝච්චාරණය කර තිබේ.

මාලිගාවත්තේ පාතාල කල්ලියකට අනුබද්ධව කුඩු බිස්නස් කළ දෙමළ ජාතික මැරයන් දෙදෙනෙකු මගින් 2010 ජනවාරි 24 දා රාත්‍රියේ මාලිගාවත්තේ දී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාව පැහැර ගැනීමෙන් පසු මාලිගාවත්තේ පාතාල තිප්පලකට රැගෙන ආ බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙළේ තමන් බවත් අත් අඩංගුවට ගත් කුඩුසුද්දා විසින් පිළිගෙන තිබේ. ‍

මෙම ප්‍රශ්න කිරීම් දින 3 ක් තිස්සේ සිදුකරන ලද අතර මූලික වශයෙන් ප්‍රශ්න කර ඇත්තේ කාරණා දෙකක් බවත් ඉන් ප්‍රධාන කාරණාව වූයේ චම්පික සහ නිර්මලා සම්බන්ධයෙන් ප්‍රගීත් එක්නැලිගොඩ විසින් ලියා අඩවි වලට යැවීමට සූදානම් කරන ලද ලිපිය ක් පිලිබඳ බවත් දෙවැනි කාරණාව වූයේ ෆොන්සේකා මහතා සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතර තිබූ සම්බන්ධය කුමක්ද යන්න බවත් කුඩුසුද්දා පාපෝච්චාරණය කර ඇත.

ඉන්පසුව එම කුඩු තිප්පලේ දෙවැනි කල්ලි නායකයා ලෙස කටයුතු කළ ටොප්ගන් සමන්ත නැමැති මැරයා පැමිණ ‘‘අපිට මෙයත් එක්ක ගමනක් යන්න තියෙනවා“ කියා ප්‍රගීත් එක්නැලිගොඩව රැගෙන ගිය බවත් ඉන් පසු තමා ප්‍රගීත් එක්නැලිගොඩ කෙනෙක් නුදුටු බවත් කුඩුසුද්දා වැඩි දුරටත් පාපෝච්චාරණය කර තිබේ.

ඉහත කී ටොප්ගන් සමන්ත වැඩ කර ඇත්තේ කුඩු ප්‍රින්ස් නමැති පාතාල නායකයා යටතේ ය. ටොප්ගන් සමන්ත ට නියෝග දිය යුත්තේ කුඩු ප්‍රින්ස් වන අතර ඒ දිනවල මාලිගාවත්තේ බ්ලූ ස්ටාර්ස් නැමැති පාතාල තිප්පොලේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ කුඩු ප්‍රින්ස් ය.

ප්‍රගීත්ට මරු කැඳවූයේ ‘පාඨලී චම්පික රණවක නම් දේශප්‍රේමීයා නිර්මලා වෙත ළං විය‘ ලිපිය ද? රණවක ගේ අස්වාභාවික ලිංගික ක්‍රියා …. එක්නැලිගොඩට මරු කැඳවූ චම්පික ගැන ලියූ ලිපිය…

ප්‍රගීත් එක්නැලිගොඩ විසින් ලියූ ‘පාඨලී චම්පික රණවක නම් දේශප්‍රේමීයා නිර්මලා වෙත ළං විය‘ නමැති පොත එවක පැවැති මහමැතිවරණය ඉලක්ක කරමින් ලියූ හෙලිදරව්වකි. එනම් ඒ වන විට කිසිවෙක් කතා නොකර තිබූ චම්පික විසින් නිර්මලා සමග කරන ලද විකෘති කාමාසා සපුරගැනීම් ආදිය විග්‍රහ කෙරෙන පොතකි. මෙය අන්තර්ජාල වෙබ් අඩවි වලට ලබා දීමට එවක එක්සත් ජාතික පක්ෂයේ කටයුතු කළ මංගල සමරවීර සූදානම්ව සිටි අතර ඔහුගේ රාජගිරිය කාර්යාලයේ තිබූ සෝදුපත් බලමින් තිබූ කම්පියුටර් ටයිප් ෆ්ලොෆි ඩිස්ක් එක යම් කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබිණ.

පසුව එම සෝදුපත් බලමින් තිබූ කම්පියුටර් ටයිප් සෙටින් පිටපතේ කොපියක් පෙන්වා ප්‍රකට මුද්‍රණකරුවෙකු වූ කෙලී සේනානායක මහතාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර තිබුනේ එම ලිපිය රුවන් ෆර්ඩිනැන්ඩස් ගේ වෙබ් අඩවි වලට දාන්න ගියේදැයි දැන ගැනීමට ය. තමන් එවැනි ලිපියක් අන්තර්ජාලයට දැමීම සඳහා බාරගෙන නැතැයි රුවන් ෆර්ඩිනැන්ඩස් පැවසූ විට, ලිපිය ලිව්වේ කව්දැයි රහස් පොලිසිය විමසා සිටි නමුත් තමන් ඒ ගැන නොදන්නා බව ඔහු පවසා තිබිණ. ප්‍රගීත් පැහැරගත් දිනවලදීම රුවන් ෆර්ඩිනෑන්ඩර්ස් විසින් මේ සම්බන්ධයෙන් තමා තුල තිබූ සැකය හෙලිකරමින් අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයකට පවසා සිටියේ එම පිටපතේ ප්‍රගීත් විසින් සෝදුපත් බලා සටහන් තබා තිබූ බව තමන් දුටු බවත් තමන් ප්‍රගීත්ගේ භාෂා විලාශය හඳුනාගත් බවයි. එවැන්නක් පිටතට ගියේ කෙසේද?

මේ අතර ප්‍රගීත්ගේ පැහැරගැනීම ගැන යලිත් රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව කීර්ති කුමාර ලොකුලියන නමැති මාධ්‍යවේදියෙක් රහස් පොලිසියට සාක්ෂියක් දෙමින් මෙම ලිපිය ගැන සඳහන් කර තිබූ අතර ප්‍රගීත් විසින් සකස් කරන ලද ‘පාඨලී චම්පික රණවක නම් දේශප්‍රේමීයා නිර්මලා වෙත ළං විය‘ නමැති ලිපියේ කොපියක් ප්‍රේම් කුලතිලක නමැති අයෙක් සොරකම් කරගෙන ගොස් තිබුනා යැයි ඔහු විසින් පවසා තිබිණ.

මංගල සමරවීරගේ කාර්යාලයේ තිබූ අත් පිටපතක් මුද්‍රණය කිරීමටත් පෙර චම්පික රණවක වෙත ගියේ කෙසේදැයි යන සැකය නිරාකරණය වන්නේ මංගල සමරවීර මහතාගේ දීර්ඝ කාලයක් ලේකම් වරයෙක් ලෙස කටයුතු කළ රුවන් ෆර්ඩිනැන්ඩස් නමැත්තා චම්පික රණවකගේ රහසිගත ගෙවීම් ලැයිස්තුවක සිට හසුවීමෙනි. එය එකළ මාධ්‍ය මගින් හෙලිදරව්වීමෙන් පසුව පොලිසිය ඔහුගෙන් කළ විමසීමකදී ඔහු එය ප්‍රතික්ෂේප කෙළේය. නමුත් මේ වන විට ඔහු සහ චම්පික රණවක අතර ඇති රහසිගත සම්බන්ධය හෙලි වී හමාරය. ඉන් ප්‍රධාන සිදුවීමක් වන්නේ චම්පික රණවක එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමත් සමග චම්පික රණවක ගේ ප්‍රතිරූප නැංවීමට චම්පික සමග සම්මුඛ සාකච්ඡා මාලාවක් ෆර්ඩිනැන්ඩස්ට අයත් වෙබ් අඩවි හරහා ප්‍රචාරය කිරීම යි. ඒ සඳහා ෆර්ඩිනැන්ඩස් විසින් විශාල මුදලක් චම්පික රණවකගෙන් ලබා ගත් නමුත් තමන්ට කිසිදු ගෙවීමක් කෙළේ නැතැයි එම සම්මුඛ සාකච්ඡා මෙහෙයැවූ මාධ්‍යවේදිනියක් අනාවරණය කළාය.

මේ අතර රුවන් ෆර්ඩිනැන්ඩස් විසින් මෙහෙයවන වෙබ් අඩවියක එංගලන්තයේ සිටින සෙවනැලි කර්තෘ වරයා එජාප ප්‍රධානියෙක් අමතා පසුගියදා කියා සිටියේ චම්පික රණවක වැඩක් කළ හැකි මිනිහෙක් බවත් ඊලඟ ආණ්ඩුවකදී ඔහුට වැදගත් ඇමතිකමක් දී වැඩක් ගන්නා ලෙසත් ය. මේ ප්‍රකාශයෙන් එජාප ප්‍රධානියා විපිළිසරව ගොස් තිබුනේ රනිල්ට එලෝ එලෝ මඩ ගහපු එකාව ආයිත් පුම්බන්න කියමින් මේ යෝධයා කියන්නේ කුමක්ද? කියා ය. ඔහු යැපෙන්නේ චම්පික රණවකගේ ප්‍රතිරූප නැංවීමට ක්‍රියා කරන රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ සෙවනැලි කතුවරයා ලෙස බැවින් කාරණාව පැහැදිලි වී තිබේ.

මේ සියලු කාරණා අනුව මංගල සමරවීරගේ කාර්යාලයේ තිබූ ප්‍රගීත් ලියූ ‘පාඨලී චම්පික රණවක නම් දේශප්‍රේමීයා නිර්මලා වෙත ළං විය‘ පිටපත නැතිවූයේ කෙසේදැයි තක්සේරුවකට පැමිණිය හැකිය. නමුත් ඊට සතියකට පසුව ලංකාඊනිවුස් වෙබ් අඩවියේ එම ලිපිය පළ විය. රුවන් ෆර්ඩිනැන්ඩස් චම්පික රණවක සමග පවත්වාගෙන යන රහසිගත සම්බන්ධතා හෙලිදරව් වීමෙන් පසුව මංගල සමරවීර මහතා මේ වන විට රුවන් ෆර්ඩිනැන්ඩස් තම ලේකම් ධූරයෙන් ඉවත් කර තිබේ.

ප්‍රගීත්ගේ පැහැරගැනීම සහ ඝාතනය කරුණා ගේ වැඩක් ලෙස කරුණු විකෘති කිරීමට රුවන් ෆර්ඩිනැන්ඩස්ට අයත් මාධ්‍ය ඉතාමත් තුච්ඡ වෑයමක යෙදෙන්නේ මන්දැයි දැන් තේරුම් ගත හැකිය.

Top