Anonymous Reporter

ප්‍රශ්ණ පත්‍ර හෙරක් අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කර ඇත්තේ ජයන්ති ගුණසේකර නමැත්තියයි.ආචාර්ය ජයන්ති ගුණසේකර ජාතික අධ්‍යාපන ආයතනයේ නියොජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ කාලයේදී හා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ උප සභාපතිධූරය දරන කාලයේදී නොයෙක් චෝදනාවන්ට ලක්වූ කාන්තාවකි. එවන් වෝදනාවන්ට ලක්වු අයෙක් වත්මන් ආණ්ඩුව යටතේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ දැඩි අප්‍රසාදය පළ කරයි.

මෙම නිලධාරිනිය ජාතික ආධ්‍යාපන කොමිෂන් සභාවට පත් කරන අවස්ථාව වන විට, ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වන ලද අධ්‍යාපනපති අවසාන පරීක්ෂණයේ විභාග වංචාවකට සම්බන්ධ බවට චෝදනා එල්ලවී තිබුණි. මේ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතිය මත ත්‍රිපුද්ගල කමිටුවක් මගින් මූලික විමර්ශණයක් පවත්වා තිබුණි. එම විමර්ශනය මඟින් 2010/11 වසරවල පැවති අධ්‍යාපනපති අවසාන පරීක්ෂණයේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවි ඇති බවට අනාවරණය වී තිබුණේය. එමෙන්ම කලින් වර්ෂයක විභාගයට පෙනී සිට අසමත්වූ ගුරු අපේක්ෂිකාවකට ප්‍රශ්න පත්‍ර කලින් ලබාදී සකස් කරන ලද පිළිතුරු පත්‍රයක් පිළිතුරු ගොනුවට ඇතුළත් කර ලකුණු ලබාදී ඇති බවද තහවුරු විය.

MR සේනා

Top