Featured

ප්‍රා චම්පිකගේ විශ්වාසභංගයට එජාප සහය

තරුණයෙකු රිය අනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ප්‍රා නායක,එක්නැලිගොඩ අතුරුදහන් කිරිමේ මහා මොළකරු වන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ලබන අප්‍රියේල් 5 වැනිදා ඉදිරිපත් කිරිමට යන විශ්වාසභංග යෝජනාව සදහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සහය දැක්විමට කැමත්ත පලකර තිබේන් බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

මහ නගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 5 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේදී කතානායක කරු ජයසූරිය මහතාට භාරදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා සදහන් කළා.රාජගිරිය ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනකු අනතුරකට ලක් කරමින් පලායෑම සහ එම පරීක්ෂණ කටයුතුවලට දේශපාලන බලපෑම් සිදුකරමින් බාධා කිරීම යන චෝදනා ගොනුකරමින් මේ විශ්වාසභංග යෝජනාව සකස් කර තිබේන අතර මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 40කට අධික පිරිසක් මේ විශ්වාසභංග යෝජනාවට අස්සන් කර තිබේ.

අමාත්‍ය චම්පික රණවක මහතාට අයත් රථයක ගැටී සන්දීප් අනතුරට ලක්වීමේ සිද්ධියේ CCTV කැමරා දර්ශණ ප්‍රා නායකයාගේ අනුහසින් මැකී ගොස් ඇතැයි පොලීසිය අධිකරණ හමුවේ අනාවරණය කළා.එම සිද්ධිය සිදු වූ අවස්ථාවේ එම ස්ථානයේ තිබූ සී.සී .ටී.වී කැමරාවලින් දර්ශන ලබා ගෙන පරීක්ෂණ සිදු කළ ද එම සිද්ධිය වූ දිනයේ දර්ශන සී.සී.ටී.වී කැමරාවලින් මැකිගොස් තිබූ බව පොලීසිය අධිකරණය හමුවේ පවසා තිබේ.

ප්‍රා නායකයාට නිතීය ක්‍රියාත්මක කරනු! “Justice for Sandeep ”

Top