Featured

පාඨලී එජාපයට, “මෛත්‍රී,වැඩකට ඇති එකෙක් නෙවෙයි” -රතන

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරිම සම්බන්ධයෙන් එල්ලවන චොදනා සහ ජාතික හෙළ උරුමය විනාශ කිරිමට මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙනයන මෙහෙයුම් හේතුවෙන් ජාතික හෙළ උරුමයේ මහ ලේකම් මහා නගර හා මෙගා පොලිස් ඇමති පාඨලී චම්පික රණවක වහාම එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට තිරණය කර තිබේන බව හෙළ උරුමයේ අභ්‍යන්තර වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන එජාප නිලවරණයේදී පාඨලී චම්පික රණවකට එජාපයේ සංවිධායක මට්ටමේ තනතුරක් ලබාදිමට නියමිත අතර හෝමාගම ආසනයේ එජාප ආසන සංවිධායක ධුරය ලබා ගැනිමට බොහෝ හුරට ඉඩ එති බවද වාර්තා වේ.

මේ අතර උතුරු නැගෙනහිර පාළාතේ සිංහල ජනතාවට අත්වි ඇති කුරිරු ඉරණම සහ උතුරු නැගෙනහිර විනාශ කර දමන පුරාවිද්‍යා ස්ථාන පිලිබදව සාකච්ඡා කිරිමට උතුරු නැගෙනහිර පළාතේ දැනට ඉතිරිවී ඇති විහාරස්ථානවල නායක හිමිවරුන් අතුරලියේ රතන හිමියන් හමුවි ඇති අතර එම සාකච්ඡාව අවසානයේ ජනාධිපතිවරයා මුණගැසීම සදහා අවස්ථාවක් සලසා දෙන මෙන් රතන හිමි වෙත ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර “ඒ මිනිහා වැඩකට ඇති එකෙක් නෙවෙයි” යනුවෙන් පවසා රතන හිමි එය මගහැර ගොස් තිබේ.

LANKA

 

 

Top