Featured

පාද යාත්‍රාව එජාපය ගිණියම් කරයි….ජනතාවට පහර දෙන්න රනිල්ගෙන් “පොඩි චොප්පේ” ට ඔඩර් එකක්

මේ වන විටත් ගැටඹේ සිට කොළඹ බලා එන ඒකාබද්ධ විපක්‍ෂයේ ජන සටන පාද යාත්‍රා ව කොළඹට ඇතුල්විමට කිසිඳු හෝ ඉඩක් නොතබන ලෙස අගමැතිවරයා පොලිස්පතිවරයාට නියෝගකර තිබේන අතර පොලිස්පති කුජිත් ජයසුන්දර,අගමැති රනිල් වික්‍රමසිංහ,සාගල රත්නායක,ප්‍රා නායක පාඨ්ලී චමිපික රණවක මේ පිළිබදව අරලියගහ මන්දිරයේදි අද දහවල් හදිසී සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේදි රණවක අමාත්‍යවරයා පුල පුලා සදහන් කර ඇත්තේ පෙළපාලිකරුවන්ට පහරදීමේ සුදානමක් පවතින බවට ශ්‍රීලනිපයේ ඇමතිවරු පිරිසක් ඊයේ (27) රාත්‍රී ජනාධිපතිවරයා හමුවී කල කරුණු දැක්වීමකින් අනතුරුව ජනපති විසින් එවැනි තත්ත්වයක් ඇති විමට ඉඩ නොතබන බ්වට සහතිකයක් දි ඇති නිසා යම් ගැටුමක් සිදුවහොත් එය ජාතික ආණ්ඩුවට අහිතකර ලෙස බලපෑම් එල්ල කල හැකි බවයි.

මේ අනුව පෙලපාලියට පහරදිම සදහා රනිල්ගේ මජර වැඩ කරන මැරයෙකු වන කොළඹ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වූ කිත්සිරි රාජපක්ෂ (පොඩි චොප්පේ)ට පවරා ඇති අතර ඔහුට සහ ඔහුගේ මැර කණ්ඩායමට පොලිස්ආරක්ෂාවද ලබා දිමට කටයුතු කර තිබේ.මේ වනවිටත් පොඩි චොප්පේට අගමැතිවරයා අගමැති ආරක්ෂකයන් සහිතව වාහන 3ක් ලබාදි ඇති අතර ලබන 1 වැනිදා කැළණිය ප්‍රදේශයේදි මෙම පහරදිම සිදුකිරිමට කටයුතු කරමින් සිටින අතර ඒ සදහා කලක් රාජපක්ෂලාගේ යටිපතුල් ලෙවකා පසුව සිරිසේන අල්ලා ගැනිමට ගොස් හොම්බ ඇනගත් දැන් රනිල්ට පු…. දෙන්න දගලන මර්වින් සිල්වාගේද සහය ලබා ගැනිමේ සුදානමක් ඇති බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් අගෝස්තු පළමුවැනිදාට හයිඞ් පිටිය වෙන් කරගෙන තිබුණද ඊයේ දිනයේ එම පිටිය පුරා විශාල වලවල් හාරා ඇති අතර මිට අමතරව කොළඹ නගරයේ සෑම පිට්ටනියක්ම කොළඹ නගර සභාවේ එජාප හිටපු මන්ත්‍රීවරුන් විසින් මේ දිනවල වෙන්කර ගෙන තිබේ.

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ස්වාදීන පුද්ගලයෙකු නොව එජාප ශාඛා සමිතියක සභාපතිවරයෙක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ජනසටන පාද යාත‍්‍රාව අතරතුර මාධ්‍ය අමතමිනි.

“අද අරඹපු පාද යාත්‍රාව ඉතාම සාර්ථකව වෙනවා කියා අපට විශ්වාසයි. අපි ආණ්ඩුවට ස්තුති වෙනවා බයවුණු බයවිල්ලට. අද ඉන්නේ ස්වාධින පොලිස්පතිවරයෙක් නෙවෙයි. ඔහු සම්පුර්ණයෙන්ම යූඑන්පී ශාඛා සමිති සභාපතිවරයෙක්. පොලිස්පති සාධාරණ වෙන්න ඕන. ස්වාධීන වෙන්න ඕන. පාද යාත‍්‍රාව ගැන අපි එක්ක සාකච්ජා කරන ගමන් උසාවියට ගිහින් තීන්දු තීරණ අරගන්න ඔහු කටයුතු කලා. ඔහ දුන්නේ ඉතාම වැරදි පණිවුඩයක්. ඔහුගේ ස්වාදීනත්වය ගැන විශාල ප්‍රශනයක් තියනවා”

Top