Anonymous Reporter

පාහර කොටියා නටනවා වැඩි වගේ -හමුදාව ISIS එකට දෙන්නලු

ශ්‍රී ලංකා හමුදාව කිසිඳු කාර්යයක් නොමැතිව තබාගෙන සිටිනවාට වඩා ISIS සංවිධානය යනාදීන් සමඟ සටන්කිරීමට යැවීම සුදුසු බව උතුරු පළාත් සභා මන්ත්‍රී කේ‍.ශිවාජිලිංගම් ප්‍රකාශ කරයි.

2016.01.18 වන දින යාපනයේ මාධ්‍ය සමාජයේදී මාධ්‍යවේදීන් හමුවූ ඔහු, “උතුරු පළාතින් හමුදාව අඩුකිරීම පිළිබදව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදහස් දැක්වූ අවස්ථාවේ හමුදාව විශ්‍රාම ගැනීමත්, නිවෙස් වෙත යාමත් තුලින් හමුදාව අඩුවන බව ප්‍රකාශ කර ඇත.

එනමුත් අනෙක් පසින් හමුදාවට පිරිස් බඳවාගැනීම සිදුවන බැවින් ඔහුගේ ප්‍රකාශය අමූලික බොරුවකි. තවත් පසෙකින් විදෙස් රටවලට ශ්‍රී ලංකා හමුදාව යැවීම හයිටි රාජ්‍යයේ සිදුකළ ලිංගික හිංසා හේතුවෙන් වැලකී ඇත. අවශ්‍ය නම් ශ්‍රී ලංකා හමුදාව කිසිඳු කාර්යයක් නොමැතිව රඳවාගෙන සිටිනවාට වඩා ISIS සංවිධානය සමඟ සටන් කිරීමට අරාබි රටවලට යැවිය හැකිය” යනුවෙන් ඔහු උපදේශයක් ලබාදි ඇත.

-ඊතලය-

Top