Anonymous Reporter

පාහර කොටියෝ පාර්ලිමේන්තුවේ “ජන සංහාර ” පවත්වයි – නිවට කතානායක කෝ

ශ්‍රි ලංකා යුධ හමුදාව පාවාදෙමින් රණවිරු විජයග්‍රහණය හකුලා දැමුන් ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ පයිප්ප බාස් ආරක්ෂක ලේකම් කටයුතු කරද්දී යුද්ධයේදී මරා දමනු ලැබූ ජනතාව සිහිපත් කරමින් “ජන සංහාර ” සමරු උත්සවයක් ශ්‍රී ලංකා උත්තරිතර පාර්ලිමේන්තුව තුල පවත්වා තිබේන බව අනාවරණය වි තිබේ.

මළ ජාතික සන්ධානයේ මන්ත්‍රී හා නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෛකලනාදන්ගේ පාර්ලිමේන්තු කාර්යාලය තුල ඉටිපන්දමක් දල්වා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් කිහිප දෙනෙකු 19 සිකුරාදා මළවුන් සිහිපත් කර ඇති අතර එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා, මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රී නේෂන්, ඉලංගෙයි තමිල්අරසු පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෛකලනාදන් සමග මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම්ද එක්ව තිබේ.

TNA_MP_PAL

Top