Featured

පිල්ලයාන් මෙන් ඩග්ලස් දේවානන්දන් අල්ල ගන්නවා-උතුරේ TNA භිෂණය මෙන්න

උතුරේ දේශපාලන හා පුනුරුප්තාපනය වු ත්‍රස්තවාදීන් ඇතුලු කොටි ත්‍රස්තවාදීන් අවසන් කිරිම සදහා ශ්‍රි ලංකා රජය දායකත්වය දුන් පුද්ගලයන් විවිධ අභූත චොදනා යටතේ අත් අඩංගුවට ගැනිම පසුපස ද්‍රවිඩ ජාතික සන්ධානය සිටින බවට අප කල අනාවරණය සත්‍යක් වි තිබේ.

“පිල්ලෙයාන්” ඇල්ලුවේ අපේ ඉල්ලිමට TNA යනුවෙන් පසුගියදා අප එම අනාවරණය කලා.

[box type=”warning” ]දෙමළ ජාතියේ ද්‍රෝහීන් වන කරුණා, පි‍ල්ලේයාන් සහ කේපී යන තිදෙනාව අත් අඩංගුවට ගන්නා ලෙස දෙමල ජාතික සනධානයේ නායක මෙන්ම රටේම අවාසනාවට රනිල්-මෛත්‍රී පත්කල විපක්ෂ නායක ආර්.සම්බන්ධන් කල ඉල්ලිමට අනුව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඊයෙ(11) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයතු කල බව දෙමළ ජාතික සන්ධානය පවසා තිබේ.[/box]

එම හෙලිදරව්වෙන් දින දෙකක් ගතවන විට එය සත්‍යක් බව  ද්‍රවිඩ ජාතික සන්ධානය විසින්ම පිලිගෙන තිබේ.ඒ අනුව ලගදිම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දන් ද අත් අඩංගුවට ගැනිමට නියමිතයි.

මෑතකදී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්දන් (පිල්ලයාන්) අත් අඩංගුවට ගෙන ඇත. මෙම ලැයිස්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දන්ද ඇතුල්වීමට ඉඩ ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්ගේ යාපනය කාර්යාලයේදී 2015.10.13 වන දින පැවති මාධ්‍ය හමුවේදී, මෙම කරුණ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

ප්‍රශ්ණය: පසුගිය කාලයේ සිදුවු ඝාතන, කොල්ලකෑම් සහ ප්‍රචන්ඩ ක්‍රියා යනාදි සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගනිමින් සිටින අවස්ථාවකදී, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නේ මන්ද?

එයට පිළිතුරු ලබාදුන් සුමන්දිරන් මන්ත්‍රීවරයා, “ඩග්ලස් දේවානන්දන්ට එරෙහිව සංහිදියා කොමිසමේදී සහ විවිද අවස්ථාවලදී ජනතාව දැඩි චෝදනා එල්ලකර ඇත. ඔහුව අත් අඩංගුවට නොගන්නවාද? යන පැනය ජනතාව අතර ඇත. නමුත්, ඊළඟ අදියරයේදී ඔහුව අත් අඩංගුවට ගැනීමක් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ඇත” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

Top