Featured

“පිල්ලෙයාන්” ඇල්ලුවේ අපේ ඉල්ලිමට TNA

දෙමළ ජාතියේ ද්‍රෝහීන් වන කරුණා, පි‍ල්ලේයාන් සහ කේපී යන තිදෙනාව අත් අඩංගුවට ගන්නා ලෙස දෙමල ජාතික සනධානයේ නායක මෙන්ම රටේම අවාසනාවට රනිල්-මෛත්‍රී පත්කල විපක්ෂ නායක ආර්.සම්බන්ධන් කල ඉල්ලිමට අනුව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ඊයෙ(11) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයතු කල බව දෙමළ ජාතික සන්ධානය පවසා තිබේ.

ඒ අනුව ඊයේ  පස්වරු 5.20ට පමණ පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර ඒ  දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව එම ඝාතනය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර පළාතේ බෙදීමක් ඇති වූ සමයේදී 2005 නත්තල් උත්සවයට සහභාගී වෙමින් සිටියදී හිටපු මන්ත්‍රීවරයා මඩකලපුවේ ශාන්ත මරියා දේවස්ථානය තුල වෙඩි තබා මරා දමා තිබුණි.

මේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම පිණිස පොලිසියට කැඳවන ලද ටීඑම්වීපී පක්ෂයේ හිටපු ජාතික සංවිධායක ප්‍රදීප් මාස්ටර් හෙවත් එඩ්වින් සිල්වා ක්‍රිශ්නානන්දරාජා සහ ගජන් මාමා හෙවත් රංගසාමි කනගනායගම් යන දෙදෙනා පසුගිය අඟහරුවාදා අත්අඩංගුවට ගැනුන අතර හිටපු මහ ඇමති පිල්ලේයාන් පොලිසියට කැඳවීමට හේතුව කවරක්දැයි පවුලේ ඥාතීන්ට හෝ පක්ෂයට දැනුම් දිමක්වත් කර නෑ.

මේ අතර ඉදිරි දින කිහිපය තුල හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන්ද අත් අඩංගුවට ගැනිමට සුදානමක් පවතින බවද වාර්තා වේ.

පසුගිය මහා මැතිවරණ සමයේ දෙමළ ජාතික සන්ධානයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී එම්.රාජේෂ්වරන් කල ප්‍රකාශය පහත දැක්වේ 

දෙමළ ජාතියේ ද්‍රෝහීන් වන කරුණා, පි‍ල්ලේයාන් සහ කේපී යන තිදෙනාව අත් අඩංගුවට ගෙන, කිසිඳු නඩු විභාගයක් නොමැතිව වසර ගණනාවක් සිර ජීවිතයක් ගතකරමින් සිටින අහිංසක දෙමළ දේශපාලන රැඳවියන්ව නිදහස් කල යුතුය”

“මහින්ද රාජපක්‍ෂ මෙන් ඒකාධිපති පාලකයෙකු අප මීටපෙර දැක නොමැත. දෙමළ ජනතාවගේ අයිතීන් වලට ගරු නොකලත් ගැටළුවක් නොමැත. අපගේ ජාතිය විනාශ කල ඔහු, මෙරටත් විනාශ කර, මෙවර මැතිවරණයට තරඟ කර, නැවත අගමැති ධූරය ලබාගැනීමට සිහින දකිමින් සිටියි. එය ඉටුනොවනු ඇත.”

 

Top