LNN SPY

පුංචි ඡන්ද,ආණ්ඩු පෙරලී, කැබිනෙට්ටු මාරු අස්සේ රුසියානු නැව මිළදි ගැනිම අවසන් අදියරේ… සංඛ්‍යාත ගිල්ල කල්ලතොනින්ගේ නැවු ගිලිල්ල

නියමිත ඇස්තමේන්තුවට වඩා විශාල මුදලක් වැයකරමින් රටේ ජනතාව තව දුරටත් හිඟමනට ඇද දමමින් අතරමැදියන්ගේ සාක්කු පිරවීම සඳහා මාස ගණනාවක් තිස්සේ කළ උපයාන් සාර්ථක කර ගනිමින්, මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති රුසියානු නැව මිළදී ගැනීමේ අවසන් වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක වේ.

එහි තීරණාත්මක සාකච්ඡාවක් මීට දින කිහිපයකට පෙර සිංගප්පුරුවේදී පැවැත් වූ අතර, ඒ සඳහා අදාළ නැව මිළදී ගැනීම සම්බන්ධයෙන් පෙර නොවූ විරු උනන්දුවකින් කටයුතු කරන දේශීය අතරමැදියා ඇතුළු පිරිසක් මෙරටින් සහභාගී වූහ. රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ නියෝජිතයින් පිරිසක් රුසියානුවන්ගේ පාර්ශවය නියෝජනය කළෝය.

වත්මන් අගමැතිවරයාට පහර පිට පහර ගසමින් ඔහු එම තනතුරින් පන්නා දැමීම සඳහා එක්තරා මාධ්‍යය සංවිධානයක් මේ වන විට දැඩි උත්සහක් ගනිමින් ඇත්තේ, වීරයින් මෙන් රටේ වංචා දූෂණ හෙළිදරව් කරන බව පුරසාරම් දොඩවමිනි. නමුත් සැබෑ කාරණය වන්නේ මෙම රුසියානු නැව මිළදී ගැනීමේ දේශීය අතරමැදියා ලෙස කටයුතු කරනු ලබන්නේ අදාළ දේශීය මාධ්‍යය ආයතනය කළමනාකරණය කරන සමාගමේ අයවලුන්ය. එය හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් හා සමාන කාරණයකි.

කෙසේ වෙතත් අදාළ නැව මිලදී ගැනීම තීරණාත්මක අවස්ථාවට පැමිණ ඇති අතර, දෙපාර්ශවය අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු නෞකාව සෙලෙනෝඩොස්ක් ශිප්බිල්ඩින් ප්ලාන්ට් හී ඉදි කරනු ඇත.

එහි ප්‍රධානියා වන මිස්ටඛෝව්ගේ අදහසට අනුව, මුළදී එකඟ වූ ආකාරයෙන් ඉදිකිරීම් නොවන බවත් නව ගිවිසුම අනුව යමින් එනම් එහි ප්‍රධාන ආරක්‍ෂක උපාංගවල විශාල වෙනස් කම් සිදුවීමට ඇති බවත්ය. ඒ අනුව Gepard5.1 නෞකාවට ඇතුළත් මිසිල පද්ධතිය වෙනුවට කාලතුවක්කු සවි කිරීමට නියමිත අතර හෙලිකොප්ටර් නවතා දැමීමට හැකි වේනම කුඩා කොටසක් ඇතුළත් වනු ඇත.

කෙසේ වෙතත්, අදාළ නෞකාව මිලදී ගැනීමට වැය කරන මුළුමුදල එලෙසම පවතින අතර ඉන් වැඩි ප්‍රමාණයක් අන්ත දූෂිත සහ වංචාකාර අතරමැදියන් ලබා ගනු ඇතැයි සඳහන් වේ. මේ ආකාරයේම වංචාවක් ඉන්දියාවෙන් මිළදී ගත් නෞකා වලින්ද සිදු වූ බව විශ්වාසදායක ආරංචිමාර්ග සැක පළ කරති.

slguardian

Top