Published on: Jun 8, 2018- පොලිස්පතිවරයා සහ ජාතික පොලිස් කොමිසම අතර මෙ වනවිට ඇති වි තිබේන සමනය කළ නොහැකි තරමට බරපතළ ගැටුම භාවිතා කරමින් ඔහු ඉවත් කිරිමට කටයුතු කල යුතු බවට ජනාධිපති කුප්‍රකට උපදේශකවරයෙකු ජනපති මෛත්‍රීපාල සිරිසේනට උපදෙස් ලබාදි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
ඊට ආසන්තම හේතුව වි ඇත්තේ පසුගියදා පැවැති උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපතිවරයද ඉදිරියේ තියා ගනිමින් පොලිස්පති පුජිත් ජයසුන්දර කරන ලද අපහාසය මේ සදහා ආසන්නතම හේතුව බවත් ඒ අනුව් පොලිස්පතිවරයා ජනාධිපතිවරයාට අනතුරක් බවත් එම උපදේශකයා පෙන්වා දි තිබේ.
පොලිස්පතිවරයා දිගින් දිගටම තම ආධිපත්‍යය දෙපාර්තමේන්තුව තුළ තහවුරු කිරීමට සහ පෞද්ගලික පළිගැනීම් නිලධාරීන් මත දියත් කිරීමට කටයුතු කිරීම නිසා බරපතළ ලෙස අභ්‍යන්තර පරිපාලන කටයුතු බිඳවැටී ඇති බව අනාවරණය වේ.
මෙම තත්ත්වයට විශේෂයෙන් හේතු වී ඇත්තේ, මීළඟට පොලිස්පති ධුරය දක්වා උසස් වීම් ලැබීමට නියමිත දක්ෂතා සපිරි සහ විනයගරුක නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සේවා කාලය දීර්ඝ නොකිරීම සහ තවත් ඉහළ නිලධාරීන්ගේ උසස් වීම් ලබා දීමට බාධාකාරී ලෙස ක්‍රියා කරමින් සිටීමයි.
මේ නිසා නියමිත රාජකාරී වගකීම් ඉටු කරනවා වෙනුවට බොහෝ නිලධාරීන්ට සිදු වී තිබෙන්නේ පොලිස් කොමිසමට පැමිණිලි කිරීමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරමින් සිටීමටය. පවතින තත්ත්වයේ බරපතළකම තීව්ර කෙරෙමින්, මේ වන විට පොලිස්පතිවරයා සහ ජාතික පොලිස් කොමිසම අතර සමනය කළ නොහැකි තරමට බරපතළ ගැටීමක් ඇති වී තිබෙන බවට තොරතුරු හෙළි වී ඇත.
මෙම තත්ත්වය හමුවේ ආණ්ඩුව මැදිහත් වී ව්‍යවස්ථාමය වශයෙන් කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් හෝ නොවිමසා නිහඬව සිටීම පිළිබඳව බොහෝ නිලධාරීන්ගේ චෝදනාවට ආණ්ඩුව ලක් වී තිබේ.
පොලිස්පති, මෛත්‍රී ජනපතිට කිව්ව ගදගහන කතාව…