LNN SPY

බදුල්ල රැලිය අවසන් විමත් සමග මහින්දගෙන් ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන්ට කැදවිමක්!

බදුල්ල විල්ස්පාක් ක්‍රීඩාංගනයේ ඊයේ (04) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලිය අවසන් විමත් සමග හෙට වහාම අනිවාර්යයෙන් තමන් හමුවන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන්ට නියෝග කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර බදුල්ලේ පැවැත්වු පලමු මැතිවරණ ප්‍රචාරක රැළිය අධික වර්ශාව සහ සංවිධානාත්මක කිරිමේ දුර්වල හේතුවෙන් අසාර්ථක විම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දැඩි ලෙස කෝපයට පත්ව ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කලේ.

රැස්විම ඉක්මනින්ම අවසන් කිරිමට සංවිධායකින්ට නියෝගකර ඇති අතර රැළිය අවසන් වු සැනින් ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන්ට තමන් වහාම් හමුවන ලෙස හිටපු ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

මේ අතර ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා මහින්ද රාජපත්ෂ මහතාට සහය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වු අතර තිස්සකුට්ටිආරච්චි මහතා දැනට ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අතර පසුගිය ජනාධිපතිවරණයේදී ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වී කටයුතු කළේය. නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට එක්විය.

මේ අතර ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශවයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් හිටපු ජනාධිපතිවරයාට වාර්තාවක් ලබාදි ඇති අතර ඒ හරහා පළාත් පාලන මැතිවරණයට වෙන වෙනම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් මුහුණ දිම හරහා මුහුණ දෙන අර්බුද පිළිබ්දව දිර්ඝ ලෙස පෙන්වා දි ඇති බව දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාරදුන් සැනින් එක්සත් ජාතික පක්ෂය සක්‍රියව ග්‍රාමිය මට්ටමින් ඡන්ද සටන දියත් වනු ඇති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් අතර ගැටුම් ඇති විමත් ඒ හරහා පාක්ෂිකයන් දැඩි ලෙස කලකිරිමට ලක්විය හැකි බවද එම වාර්තාව හරහා පෙන්වා දි තිබේ.

ශ්‍රිලනිප – ඒකාබද්ධ කිරීමට දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුගමගේ ඇතුළු බහුතරයක් කටයුතු කරමින් සිටි අතර ඒ හේතුවෙන් ඒකාබද්ධය තුල අර්බුදකාරි තත්ත්වයක්ද හටගෙන තිබේ.

Top