Featured

බහුතරය ගත්තොත් මම නිහඩ වෙනවා

පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගන්නා කණ්ඩායමට රටේ පාලනය කරගෙන යැමට ජනාධිපතිවරයා ලෙස තමන් සහය ලබාදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.මැතිවරණය ලංවත්ම පවතින උණුසුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ඊයේ තමන්ට හිතවත් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා කොළඹ සිය නිවසට කැදවාගෙන තිබේ.

එහිදි මැතිවරණයත් සමග පාතාලය යලි හිස එසවිම සම්බන්ධයෙන් මෛත්‍රී ජනපති කණගාටුවෙන් කතාකල බවයි අප ඔත්තුකරු සදහන් කළේ.

යුද ජයග්‍රහණයත් සමඟම මර්දනය කළ පාතාලය එජාප දේශපාලනඥයන්ගේ පිහිටෙන් යළි හිස ඔසවමින් තිබෙන බවත්, යළිත් ප්‍රචණ්ඩ මැතිවරණ සංස්කෘතිය මෙරට ස්ථාපිත කරන්නට එජාපය කටයුතු කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තමන්ට පෙන්වාදුන් බවද ජනපති සදහන් කර තිබේ.

“සමහර දේවල් සම්බන්ධයෙන් කතා කරන්න මේ වෙලාව සුදුසු නෑ …මොකද මමත් දැන් ඉන්නේ හොදටම හිරවෙලා..”යනුවෙන් මෛත්‍රී පවසා තිබේ.

මේ අතර පාතාලය හිස එසවිම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තමන්ට කරුණු රාශියක් පෙන්වාදුන් බවත් ඒ සමබන්ධයෙන් රටේ ආරක්ෂාව මෙහෙයවු කිහිපදෙනකුගේ සහය ඇතිව කටයුතු කිරිමට තමන් සුදානම් බවද මෛත්‍රී පවසා තිබේ.

මේ අතර හිටපු ජනාධිපතිවරයා  බීබීසී සංදේශය සමඟ විශේෂ දීර්ඝ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ එළඹෙන මහ මැතිවරණයේදී ආසන 117 ක් දිනා ගෙන සන්ධානය ජයග්‍රහණය කරන බව තමන්ට සහතික බවයි.

එසේ ජයග්‍රහණය ලබන්නේ නම්, එවිට ඔහු අගමැති පදවියට පත් කෙරෙනු ඇතිදැයි විමසූ විට සිනහවකින් පිළිතුරු දුන් හිටපු ජනපතිවරයා කියා සිටියේ: “ඒක ඒ වෙලාවට බලා ගමු,” යනුවෙන්.

Top