Anonymous Reporter

බාල තෙල් ජාවාරමක්- තෙල් ගහන්නේ බලගෙනයි

ශ්‍රී ලංකාවේ භාවිතයට නොගැනෙන රුපියල් ලක්ෂ 400ක් වටිනා ලිහිසි තෙල් ලීටර් ලක්ෂ 3ක් විනාශ කිරීමේ මුවාවෙන් හොර රහසේම ටෙන්ඩර් කැඳවා ජාවාරම් කිරීමේ වෑයමක් මේ දිනවල ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සිදුවෙමින් පවතින බව  අනාවරණය වි තිබේ.

අති විශාල මුදලක් වැය කර මැලේසියාවෙන් ගෙන්වා ඇති මෙම තෙල් වර්ගය භාවිතයට ගත නොහැකි තෙල් ලෙස බොරුවට ලේබල් ගසා සපුගස්කන්ද නයිලෝන්සික්ස් ගබඩාවේ සහ මුතුරාජවෙල ගබඩා කර ඇත.

රජයේ ඉංග්‍රීසි පුවත්පතක පමණක් ටෙන්ඩර් කැඳවා මේ තෙල් තොගය විනාශ කිරීමට හෝ ජාවාරම්කරුවන්ට ලබාදීමට හෝ පිඹුරුපත් සැකසෙමින් පවතින අතර දැනටමත් එක් අයකු රුපියල් ලක්ෂ 400ක් වටිනා මේ තෙල් තොගය රුපියල් ලක්ෂ 60කට මිලදී ගැනීමට තෙල් සංස්ථාවේ ඉහළ පුද්ගලයකුගේ හිතවතකු ඉල්ලුම් කර ඇති බවද වාර්තා වේ.

මෙම පිරිසුදු තෙල් වර්ගය අපද්‍රව්‍ය කියා පෙන්වීමට අවශ්‍ය බැවින් තෙල් සංස්ථාවේ ජාවාරම්කරුවෝ ඒවායේ සැබෑ ඇසුරුම් ඉවත් කර බැරල්වලට දමා ඇතැයි සේවකයෝ චෝදනා කරති.

 

Top