LNN SPY

බැඳුම්කර මාමා සහ බෑනා තවත් දැවැන්ත වංචාවක.. හිරේ ගිය කසුන්ගෙන් උදයට ලිපියක්

බැඳුම්කර වංචාවේ සැකකරුවන් වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස්. තේරෙන භාෂාවෙන් කිව්වොත් බැඳුම්කර මාමා සහ බෑනා සිදු කළ තවත් දැවැන්ත වංචාවක් හෙලිදරව් කරන්නයි අපේ මේ සූදානම.මධ්‍යම අධිවේගි මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කිලෝ මීටර් 32 ඉදි කිරීම සඳහා රුපියල් බිලියන 138 ණය මුදලක් ජපානයේ ටෝකියෝ මිට්සුබිෂි බැංකුවෙන් ලබා ගෙන තිබෙනවා. ණය ආපසු ගෙවීමට ලංකාණ්ඩුව අපොහොසත් වුවහොත් කියන පදනමින් එම ණය සඳහා බැංකුව රක්ෂණ ආවරණයක් ලබා ගන්නවා. බොහෝ විට එම රක්ෂණ ගාස්තුව ගෙවන්නේ බැංකුවයි. අවදානම වැඩිවෙලා රක්ෂණ වාරිකය වැඩිනම් ඒක අදාල රටටම ගෙවන්න කියනවා.

යුද්ධ කාලයේ දී මෙම ගාස්තුව ණය මුදලෙන් 5-10%ක් වගේ ඉහළ අගයක් ගත්තා. නමුත් යුද්ධයෙන් පසු අවදානම අඩු නිසා රක්ෂණ ගාස්තුව 2-5% වගේ අගයක් ගත්තේ. නමුත් මෙම ණය මුදල සඳහා ගෙවිය යුතු රක්ෂණ ගාස්තුව 10%ක්. ඒ කියන්නේ රුපියල් බිිලියන 14ක්. සහන පොලියට ජපානයෙන් ණයක් ලැබෙන බව කියමින් ජපාන කොන්ත්‍රාත්කරුවන්ට පමණයි ටෙන්ඩරයට අවස්ථාව දුන්නේ. ඒ නිසාම අසාමාන්‍ය ලෙස මාර්ගයේ පිරිවැයත් ඉහළ ගියා. නමුත් 2% පමණ පොලී ගෙවන්න වෙනවයි කියපු මේ ණය මුදලට 10%ක රක්ෂණ ගාස්තුවක් ගෙවන්න වෙනවනම් ඒ ණය තව දුරටත් සහන පදනමින් ලබා දෙන ණයක් වෙන්නේ නෑ.

මේ ණය ලබා දීමට ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කළ ජපාන ටෝකියෝ මිස්ෂුබිසි බැංකුවේ දේශීය නියෝජිතයා තමයි අපි හැමෝම දන්න අර්ජුන් ඇලෝසියස්. සෑම විදේශීය ණයක්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි. එහි දී ණය කොන්දේසි හිතකර නම් විතරයි මුදල් මණ්ඩලය අනුමත කරන්නේ. මුදල් මණ්ඩලය කියන්නේ අර්ජුන් ඇලෝසියස්ගේ මාමා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස සභාපති ධූරය දරපු තැන. නමුත් අර්ජුන් ඇලෝසියස් ගෙනා මේ රටට අහිතකර දැවැන්ත රක්ෂණ ගාස්තුවක් සහිත මේ ණය මුදල අනුමත කරන්නේ එයාගේ මාමණ්ඩි අර්ජුන් මහේන්ද්‍රන් සභාපති කම දරන මුදල් මණ්ඩලය විසින් අනුමත කරනවා. මේක බෑනා නියෝජිතයා වෙලා ඉදන් ගෙනාපු ණයක් ය කියන තමන්ට තියෙන බැදියාවේ ගැටුම අර්ජුන්ලා දෙන්නාම හෙළිකරන්නේ නෑ. රටට රුපියල් කෝටි ගණනක දැවැන්ත පාඩුවක් සිදු කරමින් මේ ණය අනුමත වෙනවා. මේ තමයි බැඳුම්කර වංචාවේ දෙවන කොටස. පළමු කොටසේ ප්‍රධාන නළුවන් දෙදෙනාම මේකෙත් ඉන්නවා. ජනාධිපතිතුමනි, බැඳුම්කර වංචාව පිළිබඳ කොමිසමක් පත් කරන්න වසර දෙකක් කල් මැරුවා කිය ඔබතුමාට බරපතල චෝදනාවක් තිබෙනවා. ඒ නිසා අප්ප මාදො අමත පදං කියලා වහාම මේ පිළිබඳ විමර්ශනයක් කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

කසුන් පලිසේනගෙන් උදයට ලිපියක්

බැඳුම්කර වංචාවට අත්අඩංගුවට පත් කසුන් පලිසේනතමන්ගේ නිදහසට කරුණු ලියලා මට ලිපියක් එවා තිබෙනවා. මට වගේම කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් මන්ත්‍රිවරුන්ටත් යවන්න ඇති. මොකද ඔබේ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයෙකුට වී ඇති අසාධාරණයක් ලියා දන්වන වග නම් කියලා තමයි ඒ ලිපිය එවා තිබෙන්නේ. ඒ ලිපිය මම කියෙව්වා විතරයි. නිසි ලෙස අධ්‍යනය කලේ නෑ. නමුත් මේ ගැන හෙලි කලේ නැති නම් කවදා හරි දවසක පලිහේන සමග ලිපි ගනුදෙනු කළා කියලා මට චෝදනාවක් එල්ල වෙන්න පුළුවන්. එතකොට මමත් ෆුට්නෝට් කල්ලිය සහ රෑට රෑට දුරකතනයෙන් මුකුළු කළ අය වගේ බැඳුම්කරයෙන් වාසි ලැබූ පිරිස අතරට තල්ලු වෙන්න පුළුවන්.

2018.02.05 දින පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වු අදහස්

Top