All

බැසිල්,නිමල් රහසිගත සාකච්ඡාවක! මැතිවරණයක් තියලා ඉල්ලං කන්න බෑ!

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාරවරයා ලෙස පෙනී සිටින බැසිල් රාජපක්ෂ අතර රහසිගත හමුවක් පවත්වා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. පෙරේදා රාත්‍රීයේ කොළඹ ව්‍යාපාරිකයෙකු නිවසේ රාත්‍රී භෝජන සංග්‍රාහයක් මුවාවෙන් මේ දෙදෙනාම මුණ ගැසී ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

පළාත් පාලන මැතිවරණය නොපවත්වා සිටිම සම්බන්ධයෙන් මේ වනවිට රනිල් සහ බැසිල් අතර විවිධ මට්ටමේ සාකච්ඡා පැවැත්වෙමින් තිබේන අතර ජනවාරියේදී ලංකාවට පැමිණීමට නියමිතව සිටි බැසිල් රාජපක්ෂ හදිසියේම ලංකාවට පැමිණීම පිළිබඳ රහසද එය බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.මේ වනවිටත් බැසිල් රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහට අමතරව හමුවී ඇත්තේ නිමල් පමණක් බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් නැමත්තා බැසිල්ගේ අතකොලුවක් වන අතර දෙදෙනා අතර සිදුව තිබේන ගනුදෙනු සම්බන්ධයෙන් අනාවරණයක් වෙනම බලාපොරොත්තු වන්න.

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් එය අන්ත පරාජයක් ලබන බව බැසිල් සහ රනිල් අතර දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.යම් හෙයකින් එම ලබන අන්ත පරාජය හමුවේ පාර්ලිමේන්තුවේ බලය ගිලිහි යාමටත් ඒ හරහා පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවිමට සිදුවිය හැකි බවයි අවධානයට ලක්ව ඇත්තේ.

අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් පොහොට්ටුව තනියම තරග කරන්නේ නම් එය සිදුකළ යුතු ආකාරය පිළිබඳව විමසා බලන ලෙස බැසිල් රාජපක්ෂ පිරිසකට උපදෙස් දී තිබේන බවයි. එසේම එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් කණ්ඩායමක් සමග හවුලේ තරග වදින්න නම් එය සිදුකරන ආකාරය පිළිබඳ විමසා බැලීමටද පොහොට්ටුවේ කණ්ඩායමකට ඔහු නියම කොට තිබේ.

Top