Anonymous Reporter

“බිඩී” චම්පිකාගේ කුමන්ත්‍රණය අතේ මාට්ටු

කොළඹ සුරාබදු විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීන්හට මසකට පමණ ඉහතදී ලද තොරතුරකට අනුව ඉකුත් 18දා අලුයම 2.20ට පමණ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මොළගොඩ සිට අත්තනගොඩ දක්වා වූ මාර්ගයේදී සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ පෙරගමන් රථය පරීක්‍ෂා කිරීමේදී ගංජා කිලෝ තුනක් පෙරගමන් රථයත් රියැදුරුත් අත්අඩංගුවට ගැනිම් පසුපස කුමන්ත්‍රණය අනාවරණය වි තිබේ.

අදාල රියදුරු විසින්ම ඔහුගේ දුරකතනයෙන් මෙම ගංජා තොගය ප්‍රවාහණය කරන බවට 119 හදිසි පොලිස් ඇමතුම් එකකයට දැනුම් දි තිබේ.පසුව ඒ හරහා මෙම මෙහෙයුම ක්‍රියත්මක වි ඇති අතර අදාළ රියදුරු 2015 මැයි මස 02 දා දක්වා අවුරුදු 17ක් සප්තමී බීඩි, රන්තරු බීඩි, චම්පිකා බීඩි යනුවෙන් බිඩි ඔතන මුවාවෙන් ගංජා විකුණු එජාප කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාසගේ ප්‍රධාන රියදුරා ලෙස කටයුතු කල පුද්ගලයා බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

කෑගල්ලේ ඉඹුල්ගස්දෙණියේ පදිංචි චමින්ද රසික අතුකෝරාල නමැති 40 හැවිරිදි එක්දරු පියෙක් වන මෙම රියදුරු තමන්ගේ නිවස සාදා ගැනිම සදහා ඇමතිවරයාගෙන් මුදල් ඉල්ලු විට අදාළ මුදල ලබාදිමට නම් ඒ සදහා තමන් පවරන කොන්ත්‍රාත්තුව ඉටුකල යුතු බව ඇමතිවරයා  පවසා තිබේ.

පසුව ඉතාමත් සුක්ෂම අයුරින් අදාළ රියදුරු සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ රියදුරෙකු ලෙස සේවයට එක්කර තිබේ.මේ සම්බන්ධයෙන් අදාළ සැකකරු සියලු තොරතුරු පොලිසියට අනාවරණය කර තිබේ.

 

Top