Anonymous Reporter

බිල්ලෝ ඇවිත්…උන් පන්නන්න ඔබත් එන්න

බෙදුම්වාදය පෝෂණය කර ජාතිවාදය වපුළ උන් අද “සංහිඳියා” සළුපිළි වලින් සැරසී ඇත. එදා අනගාරික ධර්මපාලතුමා පැවසූ පරිදිම අද සිංහලයා පක්ෂ පාටවලට බෙදී යද්දී බෙදුම්වාදී ජාතිවාදී මතයෙන් පෝෂණය වූවෝ එක මිටකට එක්ව මේ රට බෙදා වෙන් කිරීමට පිඹුරුපත් සකසමින් ඇත.

ප්‍රජාත්‍රන්තවාදය ඔළුවෙන් සිටුවමින් ඡන්ද ලක්ෂ හතළිස් හත් ලක්ෂයකට අකැප වූ විපක්ෂ නායක ධූරය ඡන්ද ලක්ෂ පහක් හිමි දෙමළ ජාතික සන්ධානයට ලබාදුනි. බලය පාවිච්චි නොකරනවා යැයි කියමින් පත් වූ විධායකය ජාතික ලයිස්තුව කොල්ල කෑවේය. ජනමතය සිය සිරභාරයට ගත්තේය. ඇමති දොළ පිදේනියට ගිජු මන්ත්‍රීවරු ජනමතය පාගාදැමූහ.
ස්වදේශික ජනමතය එලෙස පොළොවෙන් අඩි හයක් යට වළලද්දී රට තුළ ක්‍රියාත්මක වන්නේ විදේශීය බලවතුන්ගේ න්‍යාය පත්‍රයයි. අපගේ පාලකයෝ උන්ගේ න්‍යායපත්‍රයට පහසුකම් සැළසීමේ දේශීය භූමිකාවට පණ දෙති. රණ විරුවන් යුධ අපරාධකරුවන් බවට හංවඩු ගසති. ජිනීවාහිදී අපට එරෙහිව ගෙනෙන යෝජනාවන්ට අප රජයම පාර්ශව කරුවකු වීමට තරම් නිවට දීන තත්වයකට මේ රට දැන් පත් කර අවසන්ය.

කල්තියා මේ අනතුර පිළිබඳ පවසන විට දේශද්‍රෝහීහු අප බොරු බිල්ලකු මවන බව කීහ. දැන් ඒ බිල්ලෝ ඇවිදින්ය.

ඉදිරි අභියෝගයන්ට මුහුණ දීමට අත්‍යාවශ්‍ය සබුද්ධික සංවාදශීලී සමාජයක් ගොඩනැගීමේ අරමූණ පෙරදැරිව පවත්වන සංවාදශීලී සම්මන්ත්‍රණය සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

invitation

Top