Featured

බුද්ධි අංශ පාවාදීමේ තොරතුරු සියල්ල්ම දුන්නේ පැඩි ෆිල්ඩ් “ෆොන්සේකා”

මෙතෙක්‌ අනාවරණය නොවී තිබූ හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීන් රැසකගේ නම් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර හරහා කොටි ඩයස්‌පෝරාව අතට පත්කිරිම පසුපස මහමැතිවරණයේදී අම්බානකට ජනතාවගෙන් ඡන්දයෙන් අනාත වු පැඩි ෆිල්ඩ් මාෂල් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සිටින බව අප ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.

පැඩි ෆිල්ඩ් මාෂල් තනතුර ලබාදිමත්,ඉදිරියේදි එල්ල වන  යුධ අපරාධ චොදනා වලින් සරත් ෆොන්සේකා ආරක්ෂා කිරිමේ පදනම මත මෙම තොරතුරු ෆොන්සේකා හරහා ගෙන ඇති බවයි අප ඔත්තුකරුවන් අනාවරණය කළේ.

කොටි ත්‍රස්තවාදීන්ගේ අවසානය සනිටුහන් කිරිම සදහා මහින්ද රාජපක්ෂ,ගොඨාභය රාජපක්ෂ ඇතුලු යුධය මෙහෙය විමට කටයුතු කල කණ්ඩායම උපක්‍රමශීලීව කොටි බුද්ධි සේවාවේ පුද්ගලයන්ගේ සේවාව 4වන ඊළාම් යුද්ධයේ අවසානයට හේතුවු බව කොටි ඩයස්‌පෝරාව දිගින් දිගටම අනාවරණය කර තිබුනා.

මෙ වනවිට  වාර්තාවන අන්දමට ශ්‍රී ලංකා හමුදාවට සහය වූ ටොසී නමැති කොටි බුද්ධි සේවාවේ දෙවැනියා ඇතුලු කොටි බුද්ධි අංශ සාමාජිකයන් 18 දෙනෙකු සහ හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීන්42 දෙදෙනෙකුගේ නම් සහ තොරතුරු කොටි ඩයස්‌පෝරාව අතට පත්කර තිබේ.

Top