LNN SPY

බෙදුම්වාදී ව්‍යවස්ථා සම්මත කරන්න යහපාලන වට්ටි අම්මා පාර්ලිමේන්තුවට ….සන්ධාන මන්ත්‍රී අසුන පුදා බස්නාහිර මහ ඇමතිකමට!

නව බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතකර ගැනිම සදහා පාර්ලිමේන්තුවේ බලය සිය අනසකට යට කර ගැනිමත් දෙකඩ වි සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද පිළේ මන්ත්‍රීවරුන් යලී දිනාගැනිමටත් අවශ්‍ය මෙහෙයුමක් දියත් කිරිම සදහා හිටපු ජනාධිපතී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යලිත් ශ්‍රිලනිප ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනිමට සුදානම්ක් පවතින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පසුගිය මාසයක පමණ කාලයක් තුල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුල මෙන්ම ඉන් පිටතදිත් දැඩි ලෙස විවේචනයට ලක්වු අතර ඊට සාපේක්ෂව පිළිතුරු දිම සදහා ආණ්ඩුව අසමත් විමත් සමග ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කටයුතුවලට ඇගේ ක්‍රියාකාරී සහභාගිත්වය අවශ්‍ය බවට, සුළු ජාතික දේශපාලන පක්ෂ කරන ලදැයි කියන ඉල්ලීමකට අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

පසුගියිදා ලංකාවේ සංචාරයක නියතු වු එල්ටීටීඊ සන්නද්ධ බුද්ධි ව්‍යාපාරයේ ඉදිරි පෙළේ නායකයෙකු වන ගෝලීය ද්‍රවිඩ සංසදයේ(World Tamil Forum) සභාපති S.J එම්මානුවෙල් පියතුමා චන්ද්‍රිකා හමුවු අවස්ථාව…

ජාතික ලැයිස්තුවෙන් චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට අවස්ථාව ලබාදීම සඳහා දැනට ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරයකු එම ධුරයෙන් ඉවත්වීමට කැමැත්ත පළකොට ඇති අතර ඒ වෙනුවට ඔහු බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ධුරය සදහා තරග කිරිමට කැමැත්ත පලකර තිබේ බවද දැනගන්නට තිබේ.

චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට පැමිණිම හරහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පාලනයකින් යුතුව පවත්වගෙන යැමට මෙන්ම දැනට මහින්ද සමග එක්ව කටයුතු කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මර්දණය කිරිම මෙන්ම ඔහුන් යලිත් පක්ෂයට අවනත කර ගැනිමට හැකියාව ඇති බවයි ශ්‍රීලනිප මෛත්‍රී පිළේ ජ්‍යෙෂ්ඨයන්ගේ ද මතය වි ඇත්තේ.

මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සිවිල් සමාජය දැනුවත් කිරීමේ අරමුණින් “නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව…මහජන සම්මන්ත්‍රණ මාලාවක්” දිවයින පුරා පැවැත්වීමට යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට දායකත්වය ලබාදුන් පූජ්‍ය පක්ෂය ඇතුළු විද්වතුන්, කලා ශිල්පීන් ප්‍රමුඛ සියලුම සිවිල් සංවිධාන ක්‍රියාධරයන් සූදානම් වේ.

හෙට 30-31 හා නොවැම්බර් 01 දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අතුරු කමිටු වාර්තා විවාදයෙන් පසුව මේ දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට එම සිවිල් සංවිධාන තීරණය කර ඇත.

Top