LNN SPY

බොරු උපදේශන ආයතන සාදා කොමිස් ගහපු හැටි මෙන්න …. ටාටා සමාගමේ මිලියන ඩොලර් 3කට විද්ද ගෝඨා….

Published on: Jul 31, 2019– කොළඹ කොම්පඤ්ඤ වීදියේ ඉන්දියාවේ ටාටා සමාගම විසින් සිදුකරන මහා පරිමාණ තට්ටු නිවාස ව්‍යාපෘතියකින් (One-Colombo Project) ඇමරිකානු ඩොලර් මිලියන තුනක කොමිස් මුදලක් ලබාගැනීම සදහා එම ව්‍යාපෘතියට අදාළ මූලික ගිවිසුම් අත්සන් කල 2014 වසරේදී එවකට ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ විසින් කටයුතු කර ඇති බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ටාටා සමාගම විසින් සිංගප්පූරුවේ ලියාපදිංචි No1, North Bridge Road, #21-05, High Street Center, Singapore ලිපිනයේ පිහිටි S3A Asset Pte Ltd සමාගමේ Shamraz Yehiya නමැති මුස්ලිම් ජාතිකයා වෙත මෙම මුදල ICICI බැංකුවේ කොළඹ 07 ශාඛාව හරහා ගෙවා ඇති අතර ව්‍යාපෘතිය සදහා උපදේශන සේවා සැපයීමට යැයි පවසා මෙම මුදල සිංගප්පූරු සමාගම වෙත ගෙවන ලෙස ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේඛම්වරයා විසින් ඉන්දියාවේ ටාටා සමාගමට උපදෙස් ලබාදුන් බවට තොරතුරු වාර්තා වී තිබේ.

සිංගප්පූරුවේ යුනයිටඩ් ඕවර්සීස් බැංකුවේ ගිණුම් අංක 364-905-824-3 දරණ ගිණුමට මෙම මුදල බැර කර ඇත.

කෙසේ වෙතත් මෙම සිංගප්පූරු සමාගම හෝ එම සමාගම වෙනුවෙන් පෙනී සිටි මුස්ලිම් ජාතිකයා One-Colombo ව්‍යාපෘතිය වෙනුවෙන් ඉන්දියාවේ ටාටා සමාගමට කිසිදු උපදේශණ සේවාවක් සපයා නොමැත. මේ වනවිට මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතී.

ශ්‍රී ලංකා රජයේ සහ ඉන්දියාවේ ටාටා සමාගමේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියේ මෙම කොමිස් ලබාගැනීම නිසා නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 550ක අතිරේක වැය බරක් දැරීමට සිදුවී ඇති බව වාර්තා වනවා.

Top