Featured

මංගල විදේශ අමාත්‍යංශයේන් දොට්ට!

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එම ඇමතිධුරයෙන් ඉවත් කිරිමට කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ මලික් -ජනපති මෛත්‍රී ගෙන ගිය මෙහෙයුම මේ වනවිට වෙගවත් කර තිබේන බව විදේශ අමාත්‍යංශයේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.  

ජනපතිවරයාගේ සමීපතම හිතවතෙකු මෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර ඔස්ටින් ප්‍රනාන්දුගේ බෑණා වන මනෝජ් වර්ණපාල බ්‍රිතාන්‍යයයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයා ලෙස පත්කිරිමට එරෙහිව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර ගෙනයන ක්‍රියාවලිය හේතුවෙන් එකසිය ගාණට මලපැන සිටින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මංගලව මට්ටු කිරිමේ මෙහෙයුම හිටපු අසාර්ථක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාවිච්චි කිරිමට  කටයුතු කල අතර මේ වනවිට ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්වූ මංගල සමරවීර හෑල්ලූවට පත් කිරිම සදහා සියුම් කුමන්ත්‍රණයක් දියත් කර තිබේ.

ඒ අනුව රනිල්ගේ ආණ්ඩුව වසර දෙකකින් අවසන් කරන්නට පාර කැපූ විදේශ කටයුතු පිළිබඳ මෙලෝ හසරක් නොදන්න චරිත රත්වත්තේ විදේශ අමාත්‍යංශයේ සිටින නිලධාරීන් තුළ ඇති හැකියාවන් පිළිබඳ නිවැරදි තක්සේරුවක් කර නිලධාරීන් ස්ථානගත කිරීමේ අධික්ෂණ නිළධාරියා ලෙස පත් කිරිමට අගමැතිවරයා කටයුතු කර තිබේ.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි…………….

කවදත් රාජ උදහසට ලක්වන විදේශ සේවය ගැන අගමැති රනිල් වික‍්‍රමසිංහ තුළද කිසිදු පැහැදීමක් නැති බව ඔහු විසින් වරින් වර කරන ලද ප‍්‍රකාශ තුළින් තහවුරු වේ. එහි කූඨප‍්‍රාප්තිය වූයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පාර්ලිමේන්තු කාර්යාලයට ගෙන්වා ඔවුන්ට බැණ වැදීමය. මේ සඳහා හේතු රාශීයක් ඇති බව අවිවාදාත්මකයි. බැණවැදීමෙන් නොනැවතුණු අගමැතිවරයා විදේශ කටයුතු අමාත්‍යංශය අධීක්ෂණය කිරීම පිණිස හිටපු ලේකම්වරයෙක් මෙන්ම තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයකුවූ චරිත රත්වත්තේ පත් කර තිබේ. මෙය කරුණූ කීපයක් නිසා අනුචිත කි‍්‍රයාවක් බව ප‍්‍රකාශ කළ යුතුවේ.

අමාත්‍යංශයේ කටයුතු රජයට අවශ්‍ය පරිදි සිදු නොවන්නේ නම් එය නිවැරැුදි මගට ගැනීමට හැකියාවක් ඇති ඇමතිවරයෙක් පත් කළ යුතුයි. ඇමතිවරයාගේ සහායට සුදුසු නියෝජ්‍ය ඇමති කෙනෙක් සහ විදේශ කටයුතු ගැන දැනුමැති ලේකම්වරයෙක්ද පත් කළ යුතුයි. ඒ එක්කම විදේශ කටයුතු අමාත්‍යංශයේ ඇති නිදන්ගත රෝග ස්වභාවය නීර්ණය කිරිමට සහ එයින් මිදීමට අවශ්‍ය උපදෙස් ලබාගත හැකි කොමිටියක් පත් කිරීම වඩාත් සුදුුසුය. එසේම විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය හරහා රජය සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණූ ගැන පැහැදිළි උපදෙස් සහිත ලේඛණයක් සකස් කොට අමාත්‍යංශයේ නිලධාරීන් ඒ පිළිබඳව දැනුවත් කළ යුතුවේ. විදේශ අමාත්‍යංශයේ සිටින නිලධාරීන් තුළ ඇති හැකියාවන් පිළිබඳ නිවැරදි තක්සේරුවක් කර නිලධාරීන් ස්ථානගත කිරීම ගත යුතු ප‍්‍රධාන කි‍්‍රයාමාර්ගයකි.

ඉහත කිසිවක් හෝ කිරීමට රජයට අවශ්‍යතාවයක් ඇති බවක් තවම දක්නට නොලැබේ. එසේ වුවත් පය බරවායට පිටකර බෙහෙත් බඳින්නා සේ විදේශ කටයුතු පිළිබඳ මෙලෝ හසරක් නොදන්න චරිත රත්වත්තේ වෙත එය අධීක්ෂණය කිරීමට බාර දී තිබේ. මේ තුළින් එක් පැත්තකින් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්වූ මංගල සමරවීර හෑල්ලූවට පත් කිරිමක් සිදුවේ. මේ හරහා නැවත වරක් විදේශ අමාත්‍යංශය සහ විදේශ සේවය දැඩි දේශපාලනීකරණයකට භාජනයවීම නොවැලැක්විය හැකි සංසිද්ධියක් ද වේ.

චරිත රත්වත්තේ ජේ ආර් පාලන කාලයේ දී තරුණ සේවා සභාවේ සභාපති ලෙස කිසියම් කාර්යභාරයක් ඉටු කළ බව ඇත්තකි. එහෙත් පසුකාලීනව රනිල්ගේ ආණ්ඩුව වසර දෙකකින් අවසන් කරන්නට පාර කැපූ එක් අයෙක් වන්නේ චරිත රත්වත්තේය. ඔහු සාර්ථක ලේකම්වරයෙක් වූයේ නැත. අදාල විෂය පිළිබඳ දැනුමක් ඇත්තෙක් බව ප‍්‍රකට කෙළේ ද නැත. අනිවාර්යෙන්ම ඔහු ඇමති මංගල සමග ගැටෙන අතර මෙය ඇමතිවරයා ඉවත් කරලීමේ කුමන්ත‍්‍රණයක එක් අවස්ථාවකි. මීට පෙර මංගල ඉවත් කිරිමට රාජපක්ෂ පාලනය විසින් පාලිත කොහොන විදේශ අමාත්‍යංශය ගෙනවිත් දමා කරන ලද විනාශය කවුරුත් දනිති.

ඒ අතරම ලෝකයේ රටවල් පුරා යමින් ලංකාවේ විදේශ සේවය සහ විදේශ අමාත්‍යංශය ප‍්‍රතිසංස්කරණය කිරීමට ආධාර උපකාර ඉල්ලීම කණගාටුවට කරුණකි. ඒ තුළින් සිදුවන්නේ අපේ බංකොලොත් භාවය ලොවට ප‍්‍රදර්ණය කිරිමකි. ඒ අතරම විදේශ කටයුතු අමාත්‍යංශය තුළ ඇති ජාත්‍යන්තර ආර්ථික අංශය ඉන් ඉවත් කිරිමට සහ එම විෂයය විදේශ අමාත්‍යංශයෙන් ඉවත් කිරිමට අගමැතිවරයා තීරණය කර තිබේ. අද ලෝකයේ තානාපති කාර්යාල යනු හුදෙක් සම්ප‍්‍රදායික රාජ්‍යතාන්ති‍්‍රක ගනුදෙන කරන ආයතන පමණක් නොව රටක වෙළදාම ප‍්‍රවර්ධනය කරන ආයතනයෝද වෙත්.

එහෙත් ආර්ථික අංශය විදේශ අමාත්‍යංශයෙන් ගලවා දමන්නට ගත් තීරණය විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා පිළිබඳව ආර්ථික කටයුතු ඇමති මලික් සමරවික‍්‍රම තුළ ඇති නොකැමැත්ත සහ ඊර්ෂ්‍යාව හේතු වී තිබේ. මලික් සමරවික‍්‍රම පොහොසත් වූ ආකාර රටම දන්නා රහසකි. ඔහු තුළ ජාත්‍යන්තර වෙළ\ම ගැන ඇත්තේ ඉතා අල්ප දැනුමකි. ඔහු දන්න දෙයක් නැත. ඔහු යෙදී සිටින්නේ බඩගෝස්තරවාදී දේශපාලනයකය.

ද්වනිත වන කරුණක් වන්නේ රනිල් හෝ ආණ්ඩුව තමන් කළ යුතු දේ තේරුම් බේරුම් කර ගැනිමට හැකි විවේක බුද්ධියකින් තොරව කටයුතු කරන බවයි. එහි අවසාන ඵලය වන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්යයන් තව තවත් ව්‍යාකූළභාවයට පත්වීම පමණි. අනෙක් විශ්මිත කරුණ වන්නේ විදේශ අමාත්‍යංශයේ දශක ගානක් තිස්සේ සේවය කර අත්දැකීම් සහිත නිලධාරීන් වැඩ නොදන්නා බූරුවන් ලෙස හංවඩු ගසන රනිල්ට ඔහු විසින් පත් කරන ලද දේශපාලන අම්බරුවන් වන තානාපතිවරුන්ගේ ගොංපාට් නොපෙනීමය. නැතහොත් ඒවා සුරතල් සෙල්ලම් ලෙස දැකීමය. මේ වන විට පොදුවේ දැකිය හැකි කරුණක් වන්නේ පත් කළ සියලූ දේශපාලන තානාපතිවරුන් අසාර්ථක බවය. ඔවුන් ගැන අසන්නට හෝ ලැබෙන්නේ නැත. සමහර තානාපති කාර්යාල මහලූ මඩම් බවට පත්වීම පමණක් සිදුව තිබේ. ඒ නයින් බලන කළ රාජපක්ෂ පාලනය හා සමාන්තර බවක් විදේශ කටයුතු සම්බන්ධයෙන් කෘතහස්ත රාජ්‍යතාන්ති‍්‍රයෙක් වූ රනිල් කටයුතු කරන ආණ්ඩුව තුළ දක්නට ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

 

Top