Featured

මංගලගේ අමන රැළ මට මඩ ගහනවා -මෛත්‍රීට මලපනී

මංගලගේ අමන රැළ මටයි මගේ …..පවුලටයි…..මඩ ගහනවා…උබලා මෙතන නිකන් බලන් ඉන්නවා යනුවෙන් දරුණු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මොල්ටාවේ සිට ජනාධිපති විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස පසුගියදා පත් කරනු ලැබු චමුදිත සමරවික්‍රමට බැණ වැදි ඇති බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

කුමාර සිරිසේන ටෙලිකොම් සභාපති තනතුරෙන් පැන්නීම සඳහා ලංකා ඊ නිවුස් නිළ නොලත් කතෘ වන තුසිත හල්ලොළුව ඇතුළු පිරිස විසින් මංගලගේ උපදෙස් මත ගෙන ගිය කුමන්ත්‍රණය අතේ මාට්ටු විම නිසා තුසිත හල්ලොළුවත්, ක්‍රිෂාන්ත කුරේත් යන දෙදෙනාම ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් දොට්ට දැමීමට ජනාධිපතිවරයා කටයුතු කිරිමත් සමග ඊ නිවුස් හරහා දිගට හරහට මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ පවුලේ පිරිස් ඉලක්ක කර මඩ ප්‍රහාරයන් එක්ක කරමින් සිටි.

පසුව මේ සම්බන්ධයෙන් සොයා බැලිමට ජනාධිපතිවරයා සිය විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂක වරයාට පවරා ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් අලස ආකාරයට කටයුතු කර තිබේන අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිට ඇත්තේ දරුණු ලෙස කෝපයට පත්ව ඇති අතර මොල්ටා සංචාරය අතරතුර ජනාධිපතිවරයා විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරයාට බෑන වැදි තිබේ.

තමන් ඉලක්ක කර මඩ ප්‍රචාරය කරනු ලබන්නේ මංගලගේ වෙබ් මාෆියා කාරයන් බවත් තමන් ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාටද කරුණු ඉදිරිපත් කල බවද ජනපති මෛත්‍රී පසුගියදා අනාවරණය කර ඇති අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් දුමින්ද දිසානයක අමාත්‍යවරයාටද වහාම මංගලගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන රුවන් ප්‍රදිනැන්දිස්ට අයත් “සත්හඩ” පුවත් පතට මුදල් යෙදවිමෙන් ඉවත් වන ලෙසටද නියෝග කර තිබේ.

 අනිවාර්යෙන්ම කියවන්න – අතේ පත්තුවුනු හල්ලොළුවගේ ටෙලිකොම් කුමන්ත්‍රණය

Top