Featured

මට දැන් ශ්‍රිලනීප,සන්ධානයයි දෙකම අරහං

තවදුරටත් තමන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය අල්ලාගෙන සිටිමෙන් පලක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබෙ.ඊයේ රාත්‍රීයේ තමන්ගේ සමිපත්මයන් සමග මැතිවරණයේ වත්මන් තත්ත්වය පිළිබඳවසාකච්ඡා කිරිමට හමුවු මොහොතේ මේ බව පැවසු බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

තමන් ජනාධිපති වුවද අද වනවිට තමන් කෙරෙහි ජනතාවගේ පමණක් නොව පවුලේ හිතමිත්‍රයන් අතරද තමන් කොන් වෙමින් සිටින බවද මෛත්‍රී පවසා තිබේ. දැන් දැන් …පක්ෂය තුල පවා තමන්ට තිබුනු බලය සම්පුර්ණයෙන් ගිලිහි ගොස් ඇති බවත් තවදුරටත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධාන බලය අල්ලාගෙන සිටිමෙන් සිදුවන්නේ තමන් තව තවත් පිරිහීමට ලක්විම පමණක් බවද ජනපති පෙන්වා දි තිබේ.

කෙසේවෙතත් ගෙවුනු දින කිහිපය තුල සම්පුර්ණයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය මෛත්‍රීපාල සිරිසේනට අහිමි වි ගිය බව ඔහු විසින් හොදින්ම දන්නා කරුණකි.ඒනිසාම වන්නට ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාව රැස්කිරිම නතර කරමින් අධිකරණ නියෝගයක් ලබාගැනිමට පවා මෛත්‍රීට සිදුවුනා.

නමුත් වහාම පක්‍ෂ මධ්‍යම කාරක සභාව රැස් කරන ලෙස ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභිතයන් 22ක් පක්‍ෂ මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතාගේ ලිඛිත ඉල්ලීමක් කර තිබේන අතර ඒ අනුව ඒ සම්බන්ධයෙන් අද  දිනයේ ශ‍්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රීලනිප මහ‍ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා හා ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් කටයුතු යොදාගෙන තිබේ.

Top