Featured

මන්තී‍්‍ර රුවන් වරාය රැකියා ලක්‍ෂ 4කට විකුණයි! රස්සාවක් ගන්න පස් පොඞ්ඩා ලගට යන්න

වරාය සංවර්ධන ඇමති අර්ජුන රණතුංග මහතාගේ සොහොයුරු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් රණතුංග මහතා වරාය රැකියා මුදලට විකිණීමේ ජාවාරමක නිරතවන බවට තොරතුරු අනාවරණය වි තිබේ.වරාය රැකියා ලබාදීම සදහා ඔහු විසින් රුපියල් ලක්‍ෂ 4ක මුදලක් ලබා ගන්නා බවත්, එය භාරව සිටින්නේ ඔහු සමග සිටින පස් පොඞ්ඩා හෙවත් රෝහිත නැමැති පාතාල නායකයා හරහා බවද අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

පසුගිය සතියේ වරාය රැකියා ලබාදීම සදහා නැදගමුවේ පිහිටි මෙම පාතාල නායකයාගේ නිවසේ සම්මුඛ පරීක්‍ෂණ පවත්වා ඇති අතර, ඉන් තෝරාගත් තරුණ තරුණියන් හය දෙනෙකුට මේ වන විට වරාය රැකියා ලබාදී තිබේ.. මෙම රැකියා ලබාගත් පිරිස අතර, කොළඹ නගර සභාවේ කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස තවමත් සේවය කරන මධුෂික පෙරේරා නැමැත්තෙකුද වන් බවද වාර්තා වේ.

මධුෂික පෙරේරා නැමත්තා අප විශේෂ වාර්තාකරු සමග සදහන් කර ඇත්තේ පස් පොඞ්ඩාගේ නිවසේදී මෙම රැකියා ලබා ගැනීම සදහා රුපියල් ලක්‍ෂ හතරක මුදලක් ලබාදුන් බවයි. රුවන් රණතුංග මහතාට ලබාදීම සදහා මෙම මුදල් ලබාගත් බව මෙම පාතාල නායකයා පැවසු බවත් සම්මුඛ පරික්ෂණ සිදුවන අවස්ථාවේ දුරකතනයෙන් අවස්ථා ගණනාවකදි රුවන් රණතුංග මහතා සහ පාතාල නායකයා සංවාදයේ යෙදුනු අතර අදාළ සම්මුඛ පරික්ෂණය සදහා කැදවු සියලුම දෙනා පරික්ෂාවට ලක්කර දුරකතන සියල්ලම තබා ගැනිමෙන් පසුව ඇතුලට ගැනිමට කටයුතු කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් රණතුංග මහතා සහ ඔහුගේ බිරිද වන හිරෝමි රණතුංග මහත්මිය වරාය කටයුතුවලට අනවශ්‍ය ලෙස අතපොවන බවට වරාය වෘත්තීය සමිති පසුගිය කාලයේදී චෝදනා කර තිබුනා.

Top