Anonymous Reporter

මරණ ලියාපදිංචි කිරීමේ පනතේ ඇතිඅතුරැදහන් තැනැත්තන්ට ලබා දෙන “දක්නට නොමැති බවට වන සහතිකය”ජාත්යනන්තර යුක්ති අධිකරණය පිළිගනීවිද?

පසුගිය අගෝස්තු 11 වැනිදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත්  අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ27 වගන්තියේ අතුරැදහන් වූ තැනැත්තාඅර්ථනිරෑපණය කර ඇති අතර එහි මෙසේ දැක්වේ.

  1. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශහ් වුවහොත් මිස මේපනතේඅතුරුදහන් වූ තැනැත්තා යන්නෙන්යම් තැනැත්තකුගේඉරණම හෝ සිටින ස්ථානය සාධාරණ ලෙස නොදන්නාබවට විශ්වාස කරනු ලබන්නා වූ ද ඒ තැනැත්තා ගණනයනොවූ බවට සහ අතුරුදහන් වූ බවට සාධාරණ ලෙසවිශ්වාස කරනු ලබන්නා වූ ද
  1. ක්‍රියාන්විතයේ දීඅතුරුදහන් වූ සන්නද්ධ හමුදාවලසාමාජිකයකු හෝ පොලීසියේ සාමාජිකයකු ඇතුළුඋතුරු නැගෙනහිර පළාත්වල සිදු වූ සන්නද්ධගැටුම් අතරතුර හෝ එහි ප්‍රතිඵලයක් ලෙසනැතහොත් එම සන්නද්ධ ගැටුම්වලට පසුවයුද්ධයේ දී අතුරුදහන් වූ තැනැත්තකුලෙසහඳුන්වනු ලබන තැනැත්තකු හෝ
  1. දේශපාලන නොසන්සුන්තාවයක් සම්බන්ධයෙන්හෝ සිවිල් කැරළි කෝලාහල සම්බන්ධයෙන්තහෝ

 

  • බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ සහසම්මුතියේ බලහත්කාරයෙන් අතුරුදන් කරවීමයනුවෙන් අර්ථ නිරුපණය කර ඇත්තා වූ ද,ඇති තැනැත්තකු අදහස් වේ.

[(International Convention for the Protection of All Persons from Enforced Disappearances) 42 ව්‍යවස්ථාව මගින් ජාත්‍යන්තර යුක්ති අධිකරණය/International Court Of Justice (ICJ) පිළිගෙන ඇත.ශ්‍රී ලංකා රජය විසින් 2016.12.10 මෙම ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තබා ඇති අතර 2016.05.25 වැනි දින අපරානුමත කර ඇත. එමෙන්ම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ27.iii වගන්තියේ මෙම සම්මුතියේ ප්‍රතිපාදන ලංකාවේ නීතියට ඇතුළත් කර ඇත.]

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ “අතුරැදහන් වූ තැනැත්තා” යන්න ආකාර 3කින් නිර්වචනය කර ඇති බව ඉහත 27 වන වගන්තිය අනුව පැහැදිලි වෙයි. එකී පනතේ මේ කියන“අතුරැදහන් වූ තැනැත්තා”යන්න නිර්වචනය කර තිබුණද “අතුරැදහන් වූ තැනැත්තා” හදුනාගැනීම සදහා සහතිකයක් නිකුත් කිරීමක් හෝ ලියාපදිංචි කිරීමට අදාලව ජාත්‍යන්තර යුක්ති අධිකරණය සහ ජාත්‍යන්තර සම්මූතීන්පිළිගන්නා ප්‍රතිපාදන දක්වා නොතිබුණි.(Certificate of Absence And Registration of Missing Persons)

මෙම අඩුපාඩුව සපුරා ඇත්තේ 2016.08.25 දින පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමට විවාදයට ගත් මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතේ 8.අ.(1) මගිනි.

එකී 8.අ.(1) වගන්තිය මෙසේය.

8අ. (1) යම් තැනැත්තකු අතුරුදහන් වී ඇති බවටවාර්තා වන සහ ඔහු ජීවත්ව සිටියේ නම් ඔහු ගැනස්වභාවිකව අසන්නට ලැබෙන්නේ යම්තැනැත්තන්ට ද ඒ තැනැත්තන්ට එක් අවුරුද්දක්ඉක්මවන කාලයක් තුළ දීඔහු ගැන අසන්නට ලැබීනොමැති සහ ඔහුගේ අතුරුදහන් වීම උතුරු හානැගෙනහිර පළාත්වල සිදු වූ ගැටුම්වලට හෝ එමගැටුම්වලට පසුව හෝ දේශපාලන නොසන්සුන්තාහෝ

සිවිල් කැරලි කෝලහල හෝ අතුරුදහන්කිරීම්වලට ආරෝපණය කරනු ලැබිය හැකිඅවස්ථාවක හෝ

ක්‍රියාන්විතයේ දීඅතුරුදහන් වූලෙස හඳුනාගෙන ඇති සන්නද්ධ හමුදාවලසාමාජිකයකු හෝ පොලිසියේ සාමාජිකයකු (මෙහිමින් මතු “අතුරුදහන් වූ තැනැත්තා”යනුවෙන්හඳුන්වනු ලබන) එම තැනැත්තාගේ ඥාතියකු විසින්එම තැනැත්තා අතුරුදහන් වූ තැනැත්තකු ලෙසලියාපදිංචි කරන ලෙසත් ඔහු සම්බන්ධයෙන් තමාටදක්නට නොමැති බවට වූ සහතිකයක් නිකුත් කරනලෙසත් ඉල්ලීමක් කරනු ලැබිය හැකි ය.

මෙම වගන්තිය සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ27 වගන්තිය අතර මනා ගැලපීමක් ඇත.අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ27.iiවගන්තියේදේශපාලන නොසන්සුන්තාවයක් සම්බන්ධයෙන්හෝ සිවිල් කැරළි කෝලාහල සම්බන්ධයෙන්ලෙස දක්වා තිබුණද ගත් මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනතේ සිවිල් කැරලි කෝලහල හෝ අතුරුදහන්කිරීම්වලට ආරෝපණය කරනු ලැබිය හැකිඅවස්ථාවක ලෙස පමණක් දක්වා ඇති අතර ඒ අනුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ27.iiවගන්තියේදේශපාලන නොසන්සුන්තාවයක් හේතුවෙන් අතුරැදහන් වූ තැනැත්තෙකුට ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනතේ8අ. (1) වගන්තියේ ප්‍රතිපාදන අනුව ලබා දෙන දක්නට නොමැති බවට වන සහතිකය ලබා ගැනීමේ හැකියාවක් නැත. එනම් දේශපාලන නොසන්සුන්තාවයක් සම්බන්ධයෙන්අතුරැ දහන් වූ තැනැත්තෙකු සම්බන්ධව දක්නට නොමැති බවට වන සහතිකය ලබා ගැනීමට හැකියාවක් නැත. ඒ අනුව 1971….1988-89 කාළයේ අතුරැදහන් වූ ජවිපෙ ක්‍රියාකාරීන්ට මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනතේ 8අ.(1)වගන්තිය යටතේ දේශපාලන නොසන්සුන්තාවයක් සම්බන්ධයෙන්අතුරැ දහන් වූ තැනැත්තෙකු වෙත නිකුත් කරන දක්නට නොමැති බවට වන සහතිකය(Certificate of Absence) ලබා ගැනීමට හැකියාවක් නැත.

මෙම පනත් දෙකම එනම් මරණ ලියාපදිංචි කිරීමේ පනත සහ අතුරැදහන් කාර්‍යාල පනත ජාඩියට මූඩිය ලෙස එකිනෙක මැනවින් සමපාත වන ලෙස ජාත්‍යන්තර සම්මුති(International Conventions) අනුව ගලපා ඉදිරිපත් කර ඇති බව පැහැදිලි ය.

එමෙන්ම 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම සදහා ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජනාවද මෙහිදී සළකා බැලීම වැදගත් වෙයි.

එකී යෝජනාව වන්නේ….2015 අංක 04 දරන අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත 2016 මැයි මස 16 වන දින ක්‍රියාත්මක වේ. එම පනත යටතේ ශ්‍රී ලංකාවෙන් පිටත දුරබැහැර ස්ථානයක සිට සාක්ෂි ලබා දීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වී ඇත. ඒ අනුව, අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන්ගේ යම් සාක්ෂියක් හෝ ප්‍රකාශයක් පෞද්ගලිකව අධිකරණය ඉදිරියේ පෙනී සිටීමකින් තොරව ශ්‍රීලංකාවෙන් බැහැර ඕනෑම ස්ථානයක සිට ශ්‍රව්‍ය-දෘශ්‍ය සම්බන්ධතාවක් මඟින් ලබා දීමටත්, එලෙස ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටිමින් සාක්ෂි ලබා දීමේදී විදේශ රටවල පිහිටි ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයක සිට සාක්ෂි ලබා දිය යුතු බවට සහ එලෙස සාක්ෂි ලබා දෙන තැනැත්තන්ගේ නිදහස ආරක්ෂා කොට අයුතු බලපෑම් සිදුවීම වැළැක්වීම සඳහා විධිවිධාන සැලසෙන පරිදි 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතට සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස වන යෝජනාවයි.

ඒ අනුව ශ්‍රීලංකාවෙන් බැහැර ඕනෑම ස්ථානයක සිට ශ්‍රව්‍ය-දෘශ්‍යසම්බන්ධතාවක් මඟින් සාක්ෂි ලබා දීමට ඇති අයිතිය පිළිගෙන ඇත. එම සාක්ෂි ලංකාවට ගෙන්වාගෙන ලංකාවේ නීතියට ඇතුළත් කර නැවත ජාත්‍යන්තර යුක්ති අධිකරණයටහරවා යැවීමද “අතුරැදහන් වූ තැනැත්තා”සම්බන්ධ අවශ්‍යතාවය අනුව සිදු කළ හැකිය.

උතුරු හා නැගෙනහිර පළාත්වල ගැටුම්, දේශපාලනිකනොසන්සුන්තා හෝ සිවිල් කැරලි කෝලහල හෝ බලහත්කාරයෙන් නොසන්සුන්තා හෝ සිවිල් කැරලි කෝලහල හෝ බලහත්කාරයෙන් නොසන්සුන්තා හෝ සිවිල් කැරලි කෝලහල හෝ බලහත්කාරයෙන්අතුරුදහන් කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් අතුරුදහන් වී ඇති අතුරුදහන් කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් අතුරුදහන් වී ඇති අතුරුදහන් කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් අතුරුදහන් වී ඇතිතැනැත්තන් ලියාපදිංචි කිරීම යනුවෙන් මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)පනතේ පූර්විකාවේ දක්නට ඇත.

අතුරැදහන් කාර්‍යාල පිහිටුවීමේ පනතේ පූර්විකාවේ ඇත්තේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා ද, අතුරුදහන් වූ තැනැත්තන් සෙවීම සහ ඔවුන් පිළිබඳව සොයාබැලීම සඳහා ද, අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඥාතීන්ට සහායවීම සඳහා ද, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ දත්ත සමුදායක්ස්ථාපනය කිරීම සඳහා ද, ඉහත කී කාර්යාලයට පවරනු ලබනබලතල හා කර්තව්‍යවලට අදාල කාර්යපටිපාටි සහමාර්ගෝපදේශ සකස් කිරීම සඳහා, මේ පනතේ විධිවිධානක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ නැතහොත් ඊට ආනුෂංගික සියලුකරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතක් ලෙස ය.

(මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)පනතේදේශපාලන නොසන්සුන්තාවයක් සම්බන්ධයෙන්අතුරැ දහන් වූ තැනැත්තෙකු යන්න ඉතා සූක්ෂම ලෙස යටගැනීමට ක්‍රියා කර ඇත.)

 අවසානයේ සිදු වී ඇත්තේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ27 වගන්තියේ “අතුරැදහන් වූ තැනැත්තා” යන්න අර්ථ නිරෑපණය කර ඇති තුන්වන කාණ්ඩය(iii) වන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ සහසම්මුතියේ බලහත්කාරයෙන් අතුරුදන් කරවීමයනුවෙන් අර්ථ නිරුපණය කර ඇත්තා වූ ද,ඇති තැනැත්තකුට මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)පනතේ 8අ.(1) වගන්තිය යටතේ දක්නට නොමැති බවට වන සහතිකය ලබා ගෙන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ(International Convention for the Protection of All Persons from Enforced Disappearances) 42 ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති ජාත්‍යන්තර යුක්ති අධිකරණය/International Court Of Justice (ICJ) වෙත ශ්‍රී ලංකා රජය විසින් පිළිගත් විධිමත් සාක්ෂි ලබා දීමයි.

ඒ අනුව පැහැදිලි වන්නේ මරණ ලියාපදිංචි කිරීමේ පනතේ ඇති අතුරැදහන් තැනැත්තන්ට ලබා දෙන “දක්නට නොමැති බවට වන සහතිකය”(Certificate of Absence) ජාත්‍යන්තර යුක්ති අධිකරණයට පවා පිළිගත හැකි වන නිල පිළිගැනීමක් ඇති සාක්ෂියක් වන බවයි.

නීතීඥ උණවටුන කේ. අරැණ ලක්සිරි

B.Sc(Col),PGDC(Col)

arunaunawatuna@gmail.com

Top