Featured

මහා බැංකුව ගිල්ල රවීගේ තවත් ගේමක් මාට්ටු

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් සිදු කර ඇති වත් වංචාවක් පිලිබඳව දූෂණ වීරෝදී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජවිපෙ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පසුගියදා හෙළිදරව් කළේ ය.

වසන්ත සමරසිංහ මහතා එහිදී පැවසූවේ ලංකාවට වාහන ගෙන්වීමේදී අවුරුදු දෙකකට වඩා පැරණි වාහන ගෙන්වීමට නීතියෙන් අවසර නැති බවත් එසේ ගෙන්විය හැක්කේ ටැක්ටර් වැනි කෘෂි උපකරණ හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ යම් යම් යන්ත්‍රෝපකරණ පමණක් බවයි.

එහෙත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මැදිහත්වීම මත ටැක්කට් ගෙන්වන මුවාවෙන් ප්‍රාඩෝ ජීප් රථ ගෙන්වා ඇති බවත් මේ සම්බන්ධයෙන් “දූෂණ වීරෝදී හඬ” නීතිය හමුවට යන බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Top