Political

මහා මැතිවරණයට තරගකරන්න පක්ෂ දෙකම අර්බුදයක… සජිත් අවොත් TNA ඇතුලු සෙසු පක්ෂ එකට!… පුටුව සහ පොහොට්ටුව අතර ගැටුමේ අවසානය!

Published on: Dec 14, 2019 – මහමැතිවරණයට ඉදිරිපත් විම සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙකම මේ වනවිට අර්බුදයකට මුහුණ දි සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.එක්සත් ජාතික පක්ෂයේ සජිත් කණ්ඩායම මේ වනවිට මහා මැතිවරණයට ඉදිරිපත් විම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේන අතර ජනාධිපතිවරණයට මුහුණ දුන් ආකාරයටම සියලුම පක්ෂ එක්ව තරගකලහොත් පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගැනිමට හැකියාව ඇති බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වි ඇති අතර දෙමළ සන්ධානය සහ මුස්ලිම් පක්ෂ ඇතුලු සෙසු පක්ෂ එජාප නායකත්ව අර්බුදය හමුවේ  තින්දුවක් ගැනිමට තවමත් සුදානමක් නොමැති බවයි වාර්තා වන්නේ.ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෘත්‍යාධිකාරි මණ්ඩලය කැදවන ලෙස මේ වනවිට ඉල්ලා ඇත්ත එයට පක්ෂ නායකත්වයෙන් තවමත් පිළිතුරු ලැබි නෑ.

පොහෝට්ටු අර්බුදය 

ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් විය යුතු ආකාරය පිළිබඳව ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් සන්ධානය ප්‍රමුඛ පොදුජන  සන්ධානයේ සාමාජික පක්ෂ සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අතර බරපතළ මත ගැටුමක් ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නාමයෙන් හා පොහොට්ටු ලකුණෙන් එම සන්ධානය මහමැතිවරණයට ඉදිරිපත් විය යුතු බව පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ මතය වි ඇති නමුත් එයට අනෙකුත් පක්ෂවල සාමාජිකයන් එකඟ නොවීමත් මෙම මත ගැටුමට හේතුව වී තිබේ.

පොදුජන පෙරමුණේ ප‍්‍රබල සාමාජිකයන්  ඒ බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු තම සන්ධානයේ එක් පක්ෂයක් පමණක් බවත්, එම පක්ෂයෙන් මහමැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවත් එම සන්ධානයේ සාමාජික පක්ෂ නායකයන් ප‍්‍රකාශ කර තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට පොහොට්ටුවෙන් මහමැතිවරණයට ඉදිරිපත් වීමට වුවමනා වී තිබෙන්නේ නාමයෝජනා පිළිබඳ ඒකාධිකාරය ඔවුන් සතුව තබාගැනීමට වන අතර විමල් සහ ගම්මන්පිල මෙන්ම වියත්මග,එළිය සංවිධානයන්ද පාලයන කිරිම බැසිල්ගේ මෙහෙයුම වි තිබේ.

මේ අතර නව සන්ධානය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියේ දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කළ යුතුයැයි දෙසැම්බර් 02 වැනිදා පොදුජන පෙරමුණේ නායකයන් අතර පැවති රැුස්වීමේදී පක්ෂ නායකයන් පිරිසක් බලපෑම් කර තිබේන අතර  එම බලපෑම මත, සන්ධානය ලියාපදිංචි කිරීමේ කටයුතු පිළිබඳ වගකීම මීට පෙර එක්සත් සමාජවාදී පෙරමුණේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති රාජා කොල්ලූරේට බාරදී තිබේ.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සදහන් කළේ එළැඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ පුටුව ලකුණින් තරග කරන බවත් පක්ෂ 17ක් එක්ව පසුගිය ජනපතිවරණ සමයේදී අත්සන් කළ ගිවිසුමේ ඒ බව සඳහන්ව ඇති බවත්ය.

Top