Featured

මහින්ද පාර්ලිමේන්තු එම දෙමළ ඊළමට මරු පහරක්

ඉතා පහසුවෙන්ම ලබාගැනිමට හැකිව තිබු ස්වයං පාලනය සහිත  ෆෙඩරල් පාලන ක්‍රමය (දෙමළ ඊළම)හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණිම හරහා අවහිර වි තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් දමිළ මාධ්‍ය හමුවේ පවසා තිබේ.නව අග්‍රාමාත්‍යවරයා සමග සහ ජනාධිපතිවරයා සමග තම පක්ෂයට කොන්දේසි විරහිතව බැදිම් ඇති බවත් ඒ හරහා ඉතා ලේසියෙන්  ෆෙඩරල් පාලන ක්‍රමය පිහිටුවා ගැනිමට හැකියාව තිබු බවද ඔහු අවධාරණය කළා.

මේ අතර අභ්‍යන්තර පරීක්‍ෂණයකට එරෙහිව විදෙස් රටවලත් අරගල කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ප්‍රකාශ කර තිබේ.

දෙමළ ජාතික සන්ධානය කිසිඳු අවස්ථාවක අභ්‍යන්තර පරීක්ෂණයක් අනුමත නොකරන බවත්  අපගේ ස්ථාවරයට විරුද්ධව, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වුවහොත් සරණාගතව ජීවත්වන අපගේ ඥාතීන් සහ අපගේ භුමියේ ජීවත්වන ඊළාම් දෙමළ ජනතාව ඒකාබද්ධ වී ජාත්‍යන්තර වශයෙන් අරගල සිදුකිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පවසා තිබේ.

 

Top