LNN SPY

මහින්ද පිළේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකු ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමතිකම් දෙකක් ඉල්ලයි!…ඒකාබද්ධයේ තවත් 7ක් ඉදිරි දින වලදි මෛත්‍රී ලගට!

Published on: Dec 11, 2017 – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්7 දෙනෙකු ඉදිරි දින කිහිපය තුලදි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක්විමට මේ වනවිට කැමැත්ත පලකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මේ අතර මහින්ද පිළේ ප්‍රබලම මෙන්ම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුද එම කණ්ඩායමේ සිටින අතර ඔහුන් දෙදෙනාම බලවත් කැබිනට් අමාත්‍යධුර දෙකක් මේ වනවිට ඉල්ලා ඇති අතර එම කැබිනට් අමාත්‍යධුර ලබාදිමට ජනාධිපතිවරයා එකග වන්නේ නම් තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද මෛත්‍රී පිළට එකතු කිරිම සදහා පොරොන්දුවක්ද ලබාදි තිබේ.

අදාළ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනාම මහින්ද් රාජපක්ෂ ආණ්ඩුව සමයේද ප්‍රබල අමාත්‍යධුරයන් දැරු අය වන අතර මේ වනවිට ඉල්ලා ඇති අමාත්‍යධුර දෙකම දරණ්නේ එජාපයේ ප්‍රබලයන් දෙදෙනෙකු විසිනි.

අදාළ ආමාත්‍යධුර දෙක ලබාදිමට හැකිවක් ඇද්ද යන්න ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් සමග මෙන්ම ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂය සමගද සාකච්ඡා කිරිමට මේ වනවිට කටයුතු සිදුවෙමින් පවතින බවද අප වාර්තාකරු අනාවරණය කලා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිගාමඬුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රනි ශි‍්‍රයානී විජේවික‍්‍රම මහත්මිය ඊයේ (10) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක්වු අතර තමන් සමග එකතු වන්නන්ට ආණ්ඩුවේ බලතල ලබාදිමට තමන් සුදානම් වුවත් කිසිම අවස්ථාවක මුදල් ලබාදිමට තමන් සුදානම් නොමැති බවයි එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විජේවික‍්‍රම මහත්මියට පවසා ඇත්තේ.

Top