LNN SPY

මහින්ද-මෛත්‍රී සම්මුතිවාදී ආණ්ඩුවක්! සුළු ජාතික දේශපාලන පක්ෂවලට ඇමැති ධුර

Published on: Nov 4, 2018 – සියලු දේශපාලන පක්ෂ එක්කර ගනිමින් මහින්ද-මෛත්‍රී සම්මුතිවාදී ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටුවීමට දෙපාර්ශ්වයම තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඒ අනුව ආණ්ඩුවට සහය ලබාදෙන සියලුම දේශපාලන පක්ෂ එක්කර ගත් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට නියමිතව ඇති බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට එක්වී ඇති අතර සුළු ජාතික දේශපාලන පක්ෂ කිහිපයක්ද එක්කර ගනිමින් මහින්ද-මෛත්‍රී සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමට සැලසුම් කර ඇත.

ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය සහ සුළු ජාතික දේශපාලන පක්ෂවලට ඇමැති ධුර ලබාදෙමින් මෙම සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමට නියමිතය. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය වශයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඇමැති ධුර ලබා ගැනීම පිළිබඳ අවසන් තීරණය මෙම සති අන්තයේදී ගැනීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

Top