Featured

මහින්ද ලගින් ඉදන් මෛත්‍රීට ඔත්තු සපයන මෛත්‍රීගේ ඔඩොක්කු කුක්කෝ මෙන්න

මහින්ද ලගින්ම සිටින බොහෝ දෙනෙකු සිටින්නේ තමන්ගේ ඔඩොක්කුවේ බව පවසමින් එයින් කිහිප දෙනෙකුට ඔස්ට්‍රේලියාවේ සිට දුරකතනයේන් අමතා සිරිසේන ජනාධිපතිවරයා ඔහුන් සමග කල කතා හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිටින රාජපක්ෂවාදි විද්වත් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු විශ්මයට පත්වු බව නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි විද්වතෙකු අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

සිරිසේන ජනපතිගේ ඔස්ට්‍රේලියා සංචාර අතරතුර ශ්‍රී ලාංකියන් හමුවිමට කාලය වෙන්කරගෙන් තිබේ අතර ඊට සමගමිව ශ්‍රී ලාංකික විද්වතුන් කිහිප දෙනෙකු මුණ ගැසිමටද කටයුතු කර තිබේ.එහිදී විද්වතුන් කිහිප දෙනෙකු ජනපතිගෙන් විමසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තවදුරටත් අල්ලාගෙන් සිටිමට හැකියාවක් ඇද්ද යනුවෙනි.

එහිදි මෛත්‍රී ජනපතිවරයා එම විද්වත්හු ඉදිරියේ සිනාසෙමින් පවසා ඇත්තේ “මහින්දගේ ලග ඉන්න අයගෙන් වැඩි හරියක් ඉන්නේ මගේ ඔඩොක්කුවේ…”

“ඔය හැමොම එලියේ කෑ ගැහුවට ලංකාවේ ඉන්නකම් මාව හමුවෙන්න හදනවා …මම රට ආවාම මගේ දුරකතනයට කතා කරනවා…”

ඒ සමගම එම විද්වතුන් අතර සිටි මහින්ද රාජපක්ෂට ඉතාමත් සමිප අයෙකු මෛත්‍රී ජනපතිගෙන් කෙලින්ම විමසා ඇත්තේ එම ප්‍රකාශය ඇත්තක්ද යනුවෙනි…

ඒ සමගම මෛත්‍රී සිය දුරකතනය ගෙන්වාගෙන ඇති අතර නිරන්තරයෙන් මහින්ද ලගම දැවැටෙන,මෛත්‍රී විවේචනය කරන අයෙකු වන (නම සදහන් නොකරන ) අයෙකුට ඇමතුමක් ගෙන ඇති අතර ….තමන් ජනපති බව පවසා දුරකතනය හැමොටම ඇසෙන පරිදි ස්පිකර් දමා තිබේ.

“ඇමතුම ලබාගත් මහින්දවාදියා මෛත්‍රී හමුව්වේ මේ සතියේම මහින්ද කල,කී දැන් මෙන්ම කරන්නට සිටින දේවල්ද ගිරවෙකු මෙන් කියවාගෙන ගොස් තිබේ.”

පසුව් මෛත්‍රී සිය ජංගම දුරකතන විසන්ධි කර ඇත්තේ “දැක්කා නේද ඒ ඔක්කෝම මගේ අය තමා හිටං…”යනුවෙන් පවසමිනී.

මෛත්‍රී ඇමතුම ලබාගත් පුද්ගලයා සහ මෛත්‍රී තමන්ගේ ඔඩෝක්කුවේ සිටින බවට අනාවරණය කල කිහිප දෙනෙකුගේම නම් අප වෙබ් අඩවිය හරහා අනාවරණය නොකරන අතර ඔහුන් සම්බන්ධයෙන් අදාළ ශ්‍රී ලාංකිකය විසින් මහින්ද රාජපක්ෂ මහතාට දුරකතනය ඔස්සේ දැනුම් දිමට කටයුතු කර තිබේ.

මහින්ද ලග මේ වෙලාවේ තපමින් සිටින එවුන් දැන් සෙවිය යුත්තේ මෙම තොරතුරු දුන් ඔස්ට්‍රේලියාවේ සිටින විද්වතා කවුරුන්ද යන්න නොව.සිරිසේනගේ රජ ගෙදර කුස්සියේ රැට රැට ලැගමින් දංකුඩ කා කේලාම් කියන එවුන් කවුරුන්ද යන්න සෙවිම බව අප නලියන එවුන්ට අවධාරණය කර සිටිමු.

Top