Featured

මහින්දගේ මිනිස්සු ජනාධිපති කාර්යාලයේ බලය අල්ලලා

තවදුරටත් තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලාගෙන සිටිම පහසු වැඩක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සමීපයන් සමග පවසා තිබේ.තවදුරටත් රටේ පාලනය හෙබවීමට නම් ඒ සදහා තමන්ට විශ්වාසවන්ත පාර්ශවය තොරා ගැනිම් හැර වෙනත් විකල්පයක් නොමැති බවයි සිරිසේන මහතා පෙන්වාදි ඇත්තේ.

මේ වනවිටත් මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම් ජනාධිපති කාර්යාලයේ බලය අල්ලා හමාර බවත් ඒ අනුව තවදුරටත් තමන්ට ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරිම කිසිසේත්ම පහසු නොවන වද ඔහු පෙන්වා දි තිබේ.

මේ අතර මෛත්‍රීපාලගෙන් පිං මන්ත්‍රිකම් සහ ඇමතිකම් ලබාගත් එස්.බි දිසානායක මෛත්‍රීගේ ප්‍රකාශයෙන් පසුව ශ්‍රිලනීපයේ මෛත්‍රී පිළ සමග එක්ව මෛත්‍රී විවේචනය කරමින් කියා ඇත්තේ “මෛත්‍රීපාල සිරිසේන යනු ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ දෙවන තුන්වෙනි පේළීවල එහා මෙහා වෙමින් සිටි අයෙකු බවත් ඇමතිකම් දරණ සමයේ සිගරැට් පෙට්ටියේ පින්තූරයක් දමා ගැනීමට නොහැකිවු සිල්ලර ඝනයේ ජනතා නායකයෙක් පමණක්ම බවයි.”

අනික් අතට ලොක්කා ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ නායකයා වී සිටින තාක්කල් දුෂණ වලට සම්බන්ධ් අය අල්ල එක බොරුවක් බවත් ඒ නිසාම තමන්ද සැනසිමෙන් සිටින බවද එස්.බි පවසා තිබේ.

Top