Featured

මහින්දට අඩියක් පස්සට ගන්නලු…..මෛත්‍රී හිඟමන් යදී…

යහපාලන මුහුන දි සිටින අර්බුදයෙන් ගොඩ එම සදහා මෛත්‍රී පාර්ශවයේ බත් බැලයන් මෙහෙයුමක් දියත් කර ඇති අතර සිරිසේනගේ රූකඩ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම් මහින්ද අමරවිර යොදවාගෙන තිබේන බවත් අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මහින්ද රාජපක්ෂ මහතා ජාතික දේශපාලනයෙන් අඩියක් පස්සට ගැනිමට සුදානම් වන්නේ නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනිකුත් කණ්ඩායම් තමන් එකතු කරගනිමින් ගමනක් යෑමට ජනාධිපතිවරයා සුදානම් බවත් ඒ වෙනුවෙන් චමල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අයට ශ්‍රීලනිපය බලය ලබාදිමට හැකි බවත් ඊට අමතරව මහින්ද පිළේ සියලුම දෙනාට එල්ල වි ඇති චොදනා වලින් නිදහස් කිරිමට අවශ්‍ය කටයුතු යෙදවිමට හැකි බවද මහින්ද අමරවිර මහින්ද පිළේ කිහිප දෙනෙකුම හමුවි බැගෑපත්ව තිබේ.

ගම් මට්ටමේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික හෙල උරුමයේ තත්ත්වයට පත්ව ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ උවමනාවන් මත ක්‍රියාත්මක වු ජනාධිපතිවරායට එල්ල වි ඇති අභියෝග හමුවේ ආණ්ඩුව රැක ගැනිමට නම් මහින්ද පාර්ශවයේ උදවු අත්‍යවශ්‍ය බවත් ඒ සදහා ජනාධිපතිවරයාගේ මෙහෙයවිම මත තමන් ක්‍රියාත්මක වන බව මහින්ද අමරවිර සදහන් කර තිබේ.

Top