Featured

මහින්දට බයයි….මහින්ද පරද්දන්න සිරිසේන අලුත් සන්ධානයක් හදයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු තවත් ත්‍රීවිල් පක්ෂ කිහිපයක්ද එකතු කරගනිමින් පුළුල් සංධානයක් ලෙස ඉදිරි මැතිවරණ සදහා තරග වැදිමට පසුගියදා කැබිනට් රැස්විමෙන් අනතුරුව මෛත්‍රී බත් බැලයන් අතර පැවැති සාකච්ඡාවකදි  තින්දු කර තිබේ.ඒවැනි සන්ධානයක් සදහා ද්‍රවිධ ජාතික සන්ධානය සහ අනෙකුත් දමිළ පක්ෂ එකතු කර ගැනිම අපහසු නොවන බවයි

එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළ ශ්‍රිලනීප සමග සන්ධානයකට කැමත්ත පලකර නොමැති වුවත් සජිත් පිළ ඒ සදහා කැමත්ත පලකර ඇති අතර ඒ සදහා ඒජාප සමුලුව අතරතුර අදහසක් ලෙස ඉදිරිපත් කිරිමට සුදානමින් සිටින බවද මෛත්‍රී සිය බත් බැලයන් හමුවේ අනාවරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂලාගේ නායකත්වයෙන් ඇතිවන දේශපාලන සංවිධානවලට මුහුණ දිමට ඒ අකාරයේ සන්ධානයක් ගොඩනැගිය යුතු බවත් පවතින ජාතික ආණ්ඩුව කිසිදු අවස්ථාවක බිද නොවැටෙන ලෙස මෙම වසර කිහිපය ගමන් කරල ලෙසත් සිරිසේන ජනාධිපතිවරයාතරයේම අවධාරණය කල බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

Top