Featured

මහින්දට ලියුම් ලිව්වේ කෙලීගේ ගූ කන පරණේ,කුරේ,සුරංග

එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණයෙන් නියත වශයෙන් පරාජය ලබන බවත් මහින්ද රාජපක්ෂ අගමැතිවීම තුළින් ජාතිවාදීන්ට සහ බෙදුම්වාදීන්ට වූ පොරොන්දු ඉටු කිරීමට නොහැකි බව දැනගත් මෛත්‍රී සහ එජාපයේ සජිත් පිලේ ගොන්ගොජබ්බයන්ගේ පිහිටෙන් පසුගියදා මහින්දට යැවූ පිටු පහකින් යුත් ලිපිය පසුපස ඇති කුමන්ත්‍රණය හෙළි කර ගැනීමට අප වාර්තාකරුවන් සමත්ව තිබේ.

අදාළ ලිපිය ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි සිරස අධිපති කිලි මහා රාජාට අයත් කාර්යාලයේදී සකසා ඇති අතර එය සකසා ඇත්තේ ජන මාධ්‍ය අමාත්‍යරයා ලෙස පෙනි සිටිමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රත්නපුරයට තරග වදින බඩගෝස්තරවාදි කරුණාරත්න පරණවිතාන වන අතර ඔහුගේ සහයද සිරස නාලිකාවේ ස්වාධින මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටින සුරංග සේනානායක ,කිලි මහා රාජාගේ තවත් ගූ කන එජාපයේ මහ මාධ්‍ය ඔස්තාර්වරු ලෙස පෙනි සිටින කරු ජයසුරියගේ උපදේශක ක්‍රිෂාන්ත කුරේ ඇතුලු පිරිසක් බව සාක්ෂී සහිතව අනාවරණය තිබේ.

පසුව ලිපියට මහින්ද සහ රටේ ජනතාව පඩයක් තරමට ගණන් නොගෙන සිටිම හමුවේ සන්ධාන හා ශ්‍රිලනීප මහා ලේකම්වරු ඉවත් කිරිමට කටයුතු කරන් ලෙස කීලී මහාරාජා මෛත්‍රීට දැනුම් දි ඇති අතර එහි ප්‍රධාන අරමුණ වි තිබෙන්නේ සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර 14 සදහා සජිත් වාදින් වැඩි පිරිසක් ඇතුල් කර ගැනිම බවයි අප ඔත්තුකරුවන් සදහන් කලේ.

අගෝස්තු 17 වැනිදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන පරාජයත් සමග තවදුරටත් රනිල්ව නායකත්වයේ තබා නොගැනීමට එජාප පෙරළිකාර කණ්ඩායම තීරණය කර තිබේ.ඒ අනුව පසුගියදා රැස්වු එක්සත් ජාතික පක්ෂයේ ඡායා කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණයකට අනුව සජිත් ඇතුලු කණ්ඩායම පක්ෂ නායකත්වය ඇල්ලිම සදහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන්ද සහය ලබාගෙන තිබේ.

ඒ අනුව දැන් අනතුර ගේ ලගටම් ඇවිත් ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාටය.18 වැනිදා එලිවෙනකොට සජිත් වාදින් රනිල් පන්නා සිරිකොත මුලස්ථානයේ බලය අල්ලා ගන්නවා පමණක් නොව සජිත්ට හතුරුකම් කල සියලු දෙනාටම ෂොට් එකද දෙනු නියතය.ඒ නිසා එජාපය දැන් පත්ව ඇත්තේ ගෙදර ගියොත් තෝ නසී….මග හිටියොත් අඹු නසී යන තැනකය.

රනිල් එජාප නායකත්වයෙන් දොට්ට-සජිත් ගෙන මෙහෙයුම මෛත්‍රී,කිලී අතට ගනී

Top