Anonymous Reporter

මාධ්‍ය නිදහස වෙනුවෙන් උස් හඩින් මොරදුන් අමන NGO බල්ලන් අද කෝ

මාධ්‍ය නිදහස පිළිබ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය නිවේදනය

මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ඉලක්ක කොට අගමැතිතුමා විසින් පසුගිය සතියේ කරනලද ප්‍රකාශ වලට අපගේ බලවත් විරෝධය පළකරන අතර, එය පැහැදිලිව පුරවැසියාගේ ශුද්ධවූ අයිතීන් වලට එරෙහිව කරන ලද ප්‍රකාශයන් බව නිසැකය.

මෙරටජ්‍යෙෂ්ඨහා ගෞරවයට පාත්‍ර වූ  මාධ්‍යවේදියකු සෘජු ගොදුරක් බවට පත්කරගත් අගමැතිවරයා, එම කතුවරයා ඉල්ලා අස්වන ලෙස බලකිරීමෙන් නොනැවතී එසේ නොකරන්නේ නම් ඔහුට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා බවට කරනුලැබු තර්ජනය සීලාචාර සමාජයේ පිළිකුලට භාජනය වීතිබේ.

සිය මාස 18 ක ධූර කාලය තුල අගමැතිවරයා විසින් මාධ්‍යට හා මාධ්‍යවේදීන්ට කරන ලද පළමු තර්ජනය මෙය නොවන නිසා, වර්ධනය වන මෙම තත්වය සමාජයේ ඉහළම අවදානය හා හෙළාදැකීම උචිත වේ.

යහපාලනය හා ලිච්චවී ප්‍රතිපත්තීන් පිළිබඳව පුන පුනා සහතික කරන ලද රාජ්‍ය පාලකයින් විසින් මෙවැනි ප්‍රාථමික වූද වගකීමෙන් සහමුලින් තොර වූද ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වෙතැයි මාධ්‍යවේදීන් සිහිනෙකින් වත් අපේක්ෂා කලා යැයි සිතිය නොහැක.

මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් උස් හඩින් මොරදුන් මාධ්‍ය නිදහස සඳහා වූ ආයතන වෙනුවෙන් පෙනී සිටි බටහිර තානාපති කාර්යාල මෙකී අසීලාචාර තත්වය හමුවේ මුනිවත රැකීම අදහාගත නොහැක.

බටහිරට යටත් පහත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ආණ්ඩුවක් හමුවේ බටහිර උදාසීන ප්‍රතිපත්තිය අපට තේරුම්ගත හැකි නමුදු මාධ්‍ය නිදහසට ගරු කරන සියලු සංවිධාන පෙරමුණට පැමිණිය යුතු යැයි අපි අවධානය කර සිටින්නෙමු.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන්

මහාචාර්ය ජී. එල්. පීරිස්

Joint Opposition Statement on Media Freedom

We are appalled by statements made by the Prime Minister last week threatening editors of newspapers and announcing his intention of naming and shaming other prominent media personnel who have incurred his displeasure.

In  the  case  of  one  Editor of  a  leading newspaper, the  Prime  Minister  specifically stated  that,  if  the  Editor  in  question  does  not  quit his post, methods would have to  be found to get rid of  him.

The language used in these pronouncements, which received the widest exposure, was undignified and intemperate in the extreme.

Similar threats were uttered, with remarkable impunity, against the electronic media.

It is a matter for the deepest regret that a government which was elected on a platform of commitment to democratic values and media freedom, is today resorting to intimidation on a scale which has brought about an environment of the most repulsive inhibition which makes it not merely difficult but virtually impossible for conscientious journalists to perform their functions without fear.

What is truly astonishing in this dismal situation is the deafening silence of Western missions and others who, during the previous government, were quick to make the harshest criticisms on the flimsiest of material.

The reason for this, regrettably, is that the present government, as an appendage of these forces, consistently gives priority to carrying forward their agenda, rather than fulfilling the aspirations of the people of our own country.

 

 

Professor G.L.Peiris

On behalf of the Joint Opposition

Top