Featured

මාධ්‍ය නිදහසට වැට බඳින පඩත්තල යහපාලකයන්

යහපාලනයේ රේද්ද පොරවාගෙන සිටින බෙදුම්වාදී කල්ලිය නීතියේ ආධිපත්‍ය , සමාජ සධාරණත්වය , ප්‍රජාත්‍රන්තවාදය , ජිවත්වීමේ අයිතිය , භාෂණයේ නිදහස , මාධ්‍ය නිදහස ගැන කියමින් රටේ ජනතාව ගොනාට අන්දවා ඇති බව අද තවත් තහවුරු වුනා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට  අපහාසාත්මක වියහැකි පරිදි දැන්වීම් කිහිපයක් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මගින් මුදාහැරීමේ චෝදනාව මත දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල අත්අඩංගුවට ගැනිමත් සමගය.

රහස් පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ පසුගිය ජනාධිපතිවරණ සමයේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකව සිටි මෛත්‍රීපාල සිරිසේනට අපහාසාත්මක වියහැකි දැන්වීමක් සැකකරු විසින් ෆේස්බුක් වෙබ් අඩවියට මුදා හැර ඇති බවත්, ඉන් නොනැවතුණු මෙම සැකකරු මේ දක්වා සිය ෆෙස්බුක් පිටුව උපයෝගි කර ගනිමින් ජනාධිපතිවරයාට මඩ ප්‍රහාර එල්ල කර ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවයි.

මාධ්‍ය නිදහස නෑ යනුවෙන් රටපුරා අඩබෙර ගැසු ජාත්‍යන්තර ඩොලර් ගිලින එකදු විලම්භීත වෙබ් මාධ්‍ය සංවිධාන හෝ මාධ්‍යවේදීන් යැයි කියාගත් අලුගුත්තෙරුවන් ජනවාරි 8 වැනිදායින් පසුව දකින්නටවත් නැත.රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා+ඇම්බැට්ටයන් රැල මාධ්‍ය නිදහසට සල්ලි හරහා කල බලපෑම් කියා නිමකරන්නටවත් බැරි තරම්‍ ය.පසුව මහා මැතිවරණ සමයේ මහත් හිසරදයක්ව පැවති අප වෙබ් අඩවිය තහනම් කිරිමට පවා යහපාලනය කටයුතු කල අතර එයින් නොනැවතුනු ඔහුන් විවිධ අපහාසයන් සහ අපගේ තොරතුරු සපයන්නන් සොයමින් ඔහුන්ට එරෙහිව විවිධ තර්ජනයන්ද කිරිමට කටයුතු කළා.

පරාජයෙන් වියුරු වු යමපාලනය www.lankanewsweb.today අවහිර කරයි….

මිට අමතර සිරිසේනගේ සහොදරයා හරහා මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතාවය භාවිතා කරන පාරිහෝගිකයින් හට mahinda.info වෙබ් අඩවිය වෙත පිවිසීම අවහිර කිරිමටද යහපාලක ගැත්තන් කටයුතු කල අයුරු රටේ ජනතාවට අමතක නැත.

මාධ්‍ය මර්දණය කිරිම ගොඨාභය රාජපක්ෂලා තාක්ෂණය භාවිතාකල නවට පරසක්වල ගැසු යහපාලකයන් මේ වනවිටත් බිලියන ගණනක් වියදම් කරමින් ඉන්දියාවේන්  සමාජ ජාලා ක්‍රියාකාරින් මර්දණයකට සුදානම් වන බව අප පසුගියදා අනාවරණය කළා.එම මෙහෙයුම පසුපස සිටිනුයේ රඛිත රාජපක්ෂ සහ සිරිසේනගේ බෑනා පොඩ්ඩා බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

ඉන්දියාවේන් ආ MY3 හැකරුන් වැඩ අරඹයි

 

Top