Featured

මාව කපලම දැම්මා

තමන්ගෙන් එක්සත් ජාතික පක්ෂය නායකත්වයට එල්ල විමට තිබු අභියෝගය උපක්‍රමශීලීව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කල්ලිය ඉතා නිර්දය ලෙස මර්දණය කල බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කරූ ජයසූරිය අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

පලමුව තමන්ගේ සිංහල බෞද්ධ පදනමටත්,පසුව මහමැතිවරණයේදී තමන්ට ආසනයක් පවා නොදි ජාතික ලැයිස්තුවටත් දැමු තමන් දැන් කථානායකවරයා ලෙස පත්කර රටේ ජනතාවට සේවයක් කල නොහැකි පුද්ගලයකු බවට පත් කිරිමට රනිල් වාදින් කටයුතු කරන බව කරූ පවසා තිබේ.

ජාතික ආණ්ඩු සාකච්ඡා සහ ඇමති මණ්ඩලය පත්කර ගැනිමේ කටයුතු සදහ තමන්ගේ නම මාධ්‍ය හරහා කියවුනද කිසිදු වැදගත් මට්ටමේ සාකච්ඡාවකට තමන්ට පක්ෂ නායකත්වයෙන් ආරාධනා නොලැබුන බවද කරු ජයසුරිය පවසා තිබේ.

සිංහල බෞද්ධ කරූ කැපු රනිල්ගේ දැලි පිහිය

Top