Featured

මැ:කෝගෙන් පිටු 16ක වාර්තාවක් ජනපතිට-මා දැක්ක නරකම පාලනයක්

මහා මැතිවරණයේ ඡන්දය භාවිතා කිරිමේ ප්‍රතිශතය නගර මට්ටමින් පහල යෑමේ අවදානමක් ඇති බවත් මේ මැතිවරණ කාලසිමාව තුල ඉතිහාසයේ කවරදාවක වත් නොමැති තරමට නීතිය හා මාධ්‍ය අවභාවිතාවට ලක්වු බවද දක්වමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පිටු 16කින් යුත් වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදි තිබේන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

තමන් මෙහෙයවු මැතිවරණ අතුරින් මාධ්‍ය අවභාවිතා කරන උපරීම සිමාව ඉක්මවා ගිය මැතිවරණය බවට මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුව ඇති බවත් රටේ රාජ්‍ය නායකයන් ඉලක්ක කර ඉතා නින්දිත ආකාරයට මඩ ගැසිම සිදුවන බවද කොමසාරිස්වරයා පෙන්වා දි තිබේ.

රාජ්‍ය බලය අසීමාන්තික භාවිතා කරමින් පාලක කණ්ඩායම නීතිය අවභාවිතා කරන අකාරය පිළිබඳව දිර්ඝ ලෙස උදාහරණ සහිතව එම් වාර්තාව හරහා පැහැදිලි කර තිබේ.

මැතිවරණ කොමසාරිස්වරයා ලෙස තමන්ගෙ කණ්ඩායම හරහා කරන ලද සමික්ෂණයන් වල සංෂිප්ත වාර්තාවක් ද එම වාර්තාවට ඇතුල්කර තිබෙන අතර ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේ ඡන්දය භාවිතා කල පිරිසට සාපෙක්ෂව ඡන්දය බාවිතා කිරිම අවම විය හැකි බවත් එම තත්ත්වය නාගරික ප්‍රදේශ වල මේ තත්ත්වය බහුල විය හැකි බවත් එයට ප්‍රධානම හේතුව පසුගිය ජනාධිපතිවරණයේන් පසුව සිදුවු ඇතැම් පාලනයේ ක්‍රියාකාරිත්වයන් පිළිබඳව ජනතාව තුල කලකිරිම ඇතිවිමත් බවද සදහන් කර තිබේ.

Top