LNN SPY

මැතිවරණ දුෂණ රැසකට සම්බන්ධ මහින්ද දේශප්‍රිය විශ්‍රාම යෑමේ සුදානමක්! රාජ්‍ය මාධ්‍ය සපා කා පෞද්ගලික නාලිකා සමග නිදිවැදි එජාප ඡන්ද කඩපු හැටි…

Published on: Nov 29, 2019 – පසුගිය ජනාධිපතිවරණයේදි බරපතල මැතිවරණ දුෂණ රැසකට සම්බන්ධ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය  ඒ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කිරිමට පෙර ඉවත්විමට කටයුතු කරමින් සිටි. ඒ අනුව සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායක කරු ජයසූරිය ට දැනුම්දී ඇතැයි කථානායක කාර්යාලය නිවේදනය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේන් ඉල්ලා අස්විම සිදුකලයුතුව තිබියදි ජනාධිපතිවරයාගේන් එම ඉල්ලිම සිදුකර ඇත්තේ ව්‍යවස්ථා සභාවට බලපෑම් කර ඉක්මනින්ම සිය විශ්‍රාම ගැනිම සිදුකර ගැනිමට බව ඉතා පැහැදිලිය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ සිංගප්පුරු ගිණුමට රුපියල් බිලියන 2ක් … යනුවෙන් ඊයේ lankanewsweb.today වෙබ් අඩවිය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ වංචනික ක්‍රියාවන් එලිදක්වන බවට කල ඉගියෙන් 24පැයක් ගෙවිමට පෙර ඔහු ඉල්ලා අස්විමට කටයුතු කරමින් සිටින්නේ මන්ද?(විස්තරාත්මක වාර්තාව බලාපොරොත්තු වන්න)

ජනාධිපතිවරණය කැදවු දින සිටම රාජ්‍ය නාලිකා වලට බල්ලෙකු ලෙස බුරමින් සපා කෑ මහින්ද දෙරණ,හිරූ ඇතුලු පෞද්ගලික නාලිකා ඉදිරියේ නකුට වනමින් ඔහුන් ලබාදුන් වරප්‍රසාද වලට ගිජුව කටයුතු කරමින් මැතිවරණ කොමිසම් විනාශ කල මහින්ද දේශප්‍රිය ජනතාව හමුවේ තමන්ගේ නිරුවත් එලිවෙන බව දැන දැන් වහාම විශ්‍රාම ගොස් රටින්ද පැනිමට සුදානමක් තිබෙන බව අනාවරණය වි තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේන් අප ඉල්ලා සිටින්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලා අස්විම පිලිනොගෙන ඔහුගේ වැඩ තහනමකට ලක්කර ඔහු සම්බන්ධයෙන් වහාම නිසී පරික්ෂණයක් ආරම්භ කරන ලෙසයි.

2019 ජනාධිපතිවරණයේ සිදුවු මැතිවරණ දුෂණ …

ජාතික මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨතම  සාමාජික රත්නජීව හුල් කරල ලද අනාවරණය මෙසේය …

පසුගිය ජනාධිපතිවරණයේ  සමහර අඩුපාඩුකම් තිබෙනවා. අපි සියළු දෙනා අප වෙත සුභ පතා ගනිද්දි එම අඩුපාඩු සහිත අවකාශය වැහිලා යනවා. අපි හරියට තමන්ගේ නිරුවත්කම ගැන අන්ධභාවයට පත් වුණ නිර්වස්ත්‍ර වූ රජතුමා වගේ.

මෙම ඡන්දයේ ප්‍රතිඵලය සිය සැබෑ ප්‍රතිශතය ලබා ගෙන තිබෙනවා. අපගේ කාර්යය මණ්ඩලය සතුව ඡන්ද ප්‍රතිකා නියමිත වේලාවට විවර කිරීම, නිවැරදිව ගණනය කිරීම සඳහා වන නිවැරදි තාක්ෂණය තිබුණා. එසේම යුරෝපානු කවුන්සිලයේ මැතිවරණ නීරික්ෂණ කණ්ඩායමට අමතරව අපගේ මැතිවරණ නීරීක්ෂකයන් සතුව ද මැතිවරණය නිදහස්ව හා සාධාරණ ව පවත්වා ගෙන යාමට අවශ්‍ය තාක්ෂණය හා දැනුම තිබුණා.

මම මෙහිදි දක්වන්න අවශ්‍ය යි මෙම මැතිවරණය පුරාම පැතිරි තිබුණ පුර්ව මැතිවරණ දූෂණයන් පිළිබඳව විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාවට එරෙහිව. ANFREL සංවිධානයේ සභාපති හා මැතිවරණ නීරික්ෂකයෙකු වන Damaso G. Magbual විසින් අපට සුභ පතමින් ප්‍රකාශ කළ දෙයක් සඳහන් කරන්න කැමතියි. ඔහු පවසා සිටියේ මෙම මැතිවරණයේ වංචා කරන්න දෙයක් නෑ. මෙය මැතිවරණ ප්‍රචාරණයක් පමණයි.

පූර්ව මැතිවරණ රැවටීම් නිසා මෙම මැතිවරණය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. පළමුවැන්න අපට ලැබී තිබෙන විඩියෝ දර්ශනයක ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරයා වන අලි සබ්‍රි සිදුකළ ප්‍රකාශයක් දක්වන්න කැමතියි. ඔහු එහිදි මුස්ලිම් ජනතාවට ප්‍රකාශ කරනවා ප්‍රායෝගික වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කොට අවසන් බවත් ඔහු වෙත සිය ඡන්දය ලබා දී මුස්ලිම් ජනතාව එම ජයග්‍රහණයේ අයිතිකාරිත්වය ගත යුතු බවයි. එසේ නොවුනහොත් ඔවුන් බිඳ වැටෙන බව ඔහු සඳහන් කර සිටියා. නමුත් නව ජනාධිපතිවරයාගේ නීතිඥවරයාට එරෙහිව නඩු පැවරීමට අපට ධෛර්යයක් නෑ.

දෙවැන්න අප විසින් අනාවරණය කර ගනු ලැබූ වීඩියෝවක කරුණා අම්මාන් පවසා සිටින්නේ මුස්ලිම් ජනතාව වහාම පාලනයට ලක් කොට පහළට ඇද දැමිය යුතු බවයි. එය සිදු කළ හැකි පුද්ගලයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ බවත් ඔහු වෙනුවෙන් සහය දැක්වීමට ප්‍රධාන හේතුව එය බවත් ය. මෙම පැමිණිල්ල මාවෙත ලැබුණු අවස්ථාවේදි මම මෙය ජාතිවාදය අවුස්සන පුවතක් ලෙස ප්‍රකාශ කළ විට පොලිසියේ හෝ කොමිසමේ කෙනෙකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ පැමිණිකරුවන්ගේ පෞද්ගලිකත්වයට බාධා කරමින් මා විසින් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන බවයි.මෙම හේතු නිසා බහුතරයක් සිය ඡන්දය භාවිතා නොකරන්නට ඇත.

Top