Featured

මැයි 1පසු ශ්‍රිලනිප ජාතික ආණ්ඩුව අවසන්-ශ්‍රිලනිප මන්ත්‍රීන් එජාපයට

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැයි දිනයෙන් පසුව ඉතා ඉක්මනින්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති කමින් ඉවත්වි එජාප ආණ්ඩුවක් සැදිමට ඉඩ ලබාදිමට කටයුතුව කිරිම නුවනට හුරුබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීගේ බත් බැලයන් මෛත්‍රී පුමුඛ එජාප ජාතික ආණ්ඩුවේ කණ්ඩායමට යෝජනාකර ඇති බවත් එය කණ්ඩායමේ කිසිවෙකුත් ප්‍රතිකේෂ්ප කර නැති බවද අප විශේෂ දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මැයි දිනයේ ශ්‍රිලනිපය ලබන අන්ත අසරණ තත්ත්වය හේතුවෙන් මේ දක්වා ගත් ක්‍රියමාර්ග තවදුරටත් ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යැමට තරම හැකියාවක් නොලබන බැවින් මෙම තීරණය ගැනිමට සිදුවන බවයි මෛත්‍රීගේ බත් බැලයන් පෙන්වා දි ඇත්තේ.මැයි දෙවැනිදා සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කලින් කී අකාරයටම විනය සම්බන්ධයෙන් තින්දු ගෙන මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ශ්‍රීලනීප කණ්ඩායම ඉවත් කිරිමට කටයුතු කලහොත් රටපුරාම ශ්‍රිලනීප ක්‍රියාකාරින් සමග කටයුතු කිරිම සිහිනයක් පමණක් බවත් මැයි රැළිය සම්පාදනය කිරිමට බිම් මට්ටමට ගිය විට එම තත්ත්වයට දරුණු ලෙස තමන්ට මුහුණ දෙන්නට සිදුවු බවද මෛත්‍රීගේ බත් බැලයෝ පෙන්වා දි තිබේ.

මහින්ද ඇතුලු ඒකාබද්ධ විපක්ෂය සමග සිටින ශ්‍රිලනීප මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමර්ගයක් ගැනිමට තමන් තින්දු කර ඇති බවත් තමා දුර්වලයෙකු ලෙස හිතන අයට මැයි 2 වෙනිදා සිට පක්ෂය පිරිසිදු කරන ආකාරය දැක බලා ගත හැකි වනු ඇතැයිද ජනාධිපතිවරයා දැඩි ලෙස අවධාරණය කර තිබේ.

එම ප්‍රකාශය ශ්‍රිලනිපයේ පැරෂුට් මහා ලේකම් දුමින්ද දිසානායකද තහවුරු කර ඇති නමුත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පවසා ඇත්තේ එවැනි ක්‍රියාමර්ගයක් ගන්නේ නම් තවදුරටත් ශ්‍රිලනිප-එජාප හවුල් ආණ්ඩුව පවත්වාගෙන යෑම සිදු කල නොහැකි බවයි.

ඒ හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය සාදා ගැනිමට නොහැකි වන අකාරයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම එජාපය සමග එකතුවිම කාලෝචිත ක්‍රියාවක් බවද එහිදි පෙන්වා දි තිබේ.

 

 

Top